IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කල්පිටියේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ

පද්මා කුමාරී කංකානම්ගේ 
 
කල්පිටිය, මනල්තෝට්ටම, වන්නිමුන්දලම, තලවිල යන ගම්මානවල ඇතැම් ප්‍රදේශයන්හී විදුලිය බිද වැටීම පැය 32ක සිට තවමත් පවතින බව කල්පිටිය පොලිසිය කියයි.
 

එමෙන්ම නාරක්කල්ලිය, පනයඩිය ,මාම්පූරිය යන ගොවි බිම් ආශ්‍රිත විදුලි විසන්ධිය තවමත් පවතින බවත් ගොවීන්ගේ විදුලිය බිද වැටීම සිදුවී ඇත්තේ ඉකුත් සදුදා දහවල් සිට බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ පැවසූහ.

මෙම විදුලිය බිද වැටීම් නිසා ගොවියන්ගේ  දෛනික ජල සැපයුම ඇණ හිටීම නිසා දුෂ්කරතාවයකට මුහුණ පා තිබේ.
 
පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්  පුත්තලම දිසා ලේකම් එන්.එම්.එන්.චිත්‍රා නන්ද මහතා අද (6)  එතුමාගේ කාර්‍යාලයේදී හදිසි සාකච්ඡාවක් ද කැඳවා තිබිණි.
 
පුත්තලම පොලිස් අධිකාරී ජේ.ඒ.චන්ද්‍ර සේන , වයඹ පළාත් සභා මන්ත්‍රී එන්.ටී.එම්. තාහීර් , කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.එන්.එම්.ඉන්ෆාස් , කල්පිටිය සහ නොරොච්චෝල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ විදුලි බල මණ්ඩලයේ නියෝජිත කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
 
මෙම සාකච්ඡාව පිළිබඳව කළ විමසීමේ දී පුත්තලම දිසා ලේකම් එන්.එම්.එන්.චිත්‍රා නන්ද මහතා ප්‍රකාශ කළේ බිද වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට කාර්මික ශිල්පීන් එම අදාළ ප්‍රදේශවලට යෑමට බිය වී ඇති බවයි.
 
 
පුත්තලම  දිසා ලේකම්වරයා මෙසේද කීය.
 
"අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් පොරොන්දු වුනා පොලිස් ආරක්ෂාව ලබා දෙන්න.මහජන නියෝජිතයින් ජනතාවගෙන් හිරිහැරයක් ඇති නොවන බවට වග වුණා.ඒ අනුව ඔවුන් අද (6) විදුලිය ලබා දෙන බව ප්‍රකාශ කළා."  
 
පසු ගිය 3 වැනිදා  නිවසක ආරක්ෂාව පිණිස විදුලිය විසන්ධි කිරීමට පැමිණෙමින් සිටි විදුලි බළ මණ්ඩලයේ කාර්මිකයින් රැගත් රියකට අලාභහානි සිදු කිරීම  කාර්මික නිලධාරියෙකුට සහ රියදුරාට කිසියම් පිරිසක් කර්ඹ ප්‍රදේශයේ දී පහර දීමේ සිදුවීමත් සමඟ  සමස්ත කල්පිටි අර්ධ දීපයේම විදුලිය බිද වැටිණි.
 
අනතුරුව පැය 15 කට වැඩි කාලයක් අඛණ්ඩ විදුලිය විසංධියට එරෙහිව ජනතාව දැවන්ත උද්ගෝෂණයක නිරත වූහ.  එදින පස්වරුවේ විදුලිබලය ලැබීමත් සමඟ උද්ඝෝෂකයෝ විසිර ගියහ.



අදහස් (0)

කල්පිටියේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 562 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site