(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ රසුන් දහනායක)
දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ‘කලණ‘ හස්තියාට නිසි පරිදි පහසුකම් ලබා නොදී හිංසාවට පත් කිරීම සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා රුපියල් දෙලක්ෂය බැගින් වු ශරීර ඇප දෙක බැගින් මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ (28) නියෝග කළාය.
එසේ ඇප නියම වූයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් වන මාතර වෙලේගොඩ පදිංචි කොළඹගේ සුනිල් ශාන්ත හා ඇත් ගොව්වා වු දෙවිනුවර මගුල්වැල්ලේ කිරි මුදියන්සේලාගේ ධනුෂ්ක ලීල් කුමාර යන දෙදෙනාය.
ඔවුන් නිසි පරිදි අලියාගේ යකඩ දම්වැල මාරු නොකිරීම නිසා එම සතාගේ පාදය දරුණු ලෙස තුවාල වී වේදනාවෙන් පසු වු බවද ඒ සදහා බෙහෙත් ප්‍රතිකාර කිරීම ද නිසි ලෙස සිදු වී නැති බවද පොලීසිය අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියේය.
කලණ අලියාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් පශු වෛද්‍ය වාර්තාවක් කැදවන ලෙසට ද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ජාතික සත්වොද්යාන දෙපාර්තමේන්තුව වෙත නියෝග කළාය.
සත්ව හිංසා ආඥා පනත යටතේ සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
COMMENTS
ඉතාම හොඳ දෙයක්. මෙවැනි හිංසා කරන අය ගැන දෙවියන් වත් බලන පාටක් නැහැ.
අලි ඇතුන් පෙරහැර වලට ගැනීම හින්දු සම්ප්‍රධායක් මිස බෞද්ධ සම්ප්‍රධායක් නොවේ. ලංකාවේ බහුතරය බෞද්ධයන් බැවින් දැන් අප කලයුත්තේ මේ සතුන් උන් ස්වභාවිකව ජීවත්වෙන කැලයට මුදා හැර පෙරහැරවලට සතුන් සහබාගී නොකර ගැනීමයි.