මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ ඩබ්ලිව් ජේ ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජනරාල් තනතුරට උසස් කරනු ලැබ තිබේ.
මේජර් ජනරාල්වරයකු ලෙස සිටි සිල්වා මහතා 2015 පෙබරවාරි මස 22 දෙවැනි දා හමුදාපතිවරයා ලෙස පත් කිරීමෙන් පසු ලුතිනන් ජනරාල් ධුරයට උසස් විය. මේ වන විට සේවා දිගු තුනක් ලබා සිටින ඒ මහතාගේ සේවා කාලය තවත් මාස කිහිපයකින් අවසන් වීමට නියමිතය.
ඔහු ඉංජිනේරු බළකායේ නිලධාරියෙක් විය.
යුද හමුදා පති ධුරයේ සිටිය දී තරු හතරේ ජනරාල් තනතුරට උසස් කෙරුණු පළමු වැන්නා වූයේ හිටපු යුද හමුදාපතිවරයකු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම ගියාම එතුමාත් ෆීල්ඩ් මාර්ෂල් කරන්න. එතකොට අපට ෆීල්ඩ් මාර්ෂල්ලා දෙන්නයි.
හමුදාපතිවරයකුට තිබිය යුතු පෞර්ෂත්වයක් නම් පේන්න නැහැ. පොලිස් කොස්තාපල් කෙනෙක් වගේ....