නිමල කොඩිතුවක්කු
කෙරවලපිටිය විදුලිබලාගාර ව්‍යාපෘති ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමේදී සිදුව ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (20) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
දේශීය සමාගමක් විදුලි ඒකකයක් සඳහා අඩු මුදලක් සහිත ටෙන්ඩරයක් ඉදිරිපත් කර තිබියදී මෙලෙස චීන සමාගමකට එය ලබාදි ඇති බවත් ඒ මගින් වසරකට රුපියල් බිලියන 42ක පාඩුවක් දැරීමට රජයට සිදුවන බවත් එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මෙසේද සඳහන් කළහ.
‘‘කෙරවලපිටිය විදුලිබලාගාර ව්‍යාපෘති අඩුම ටෙන්ඩරය ඉදිරිපත් කරලා තියෙන්නේ ලක්ධනව් කියන දේශීය සමාගමයි. මෙම අඩුම ලංසුව තිබියදී එයට වඩා වැඩි අගයක් ඉදිරිපත් කරපු චීන සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරයා අනිකුත් නිලධාරීන් හා එක්ව කටයුතු කර තිබෙනවා.
එහි ප්‍රතිඵලය විදිහට මෙම ටෙන්ඩරය ප්‍රසම්පාදන කමිටුව, තාක්ෂණික ඇගයීම් කමිටුව ඇතුලු සියලුම කමිටු විසින් නිර්දේශ කළ දේශීය සමාගමට ලබා නොදී ඒ වෙනුවට ලේකම්වරයා තවත් නිලධාරීන් සහභාගී කරගනිමින් මේ ටෙන්ඩර් ගනුදෙනුව සිද්ධ කරලා තියෙනවා. මේ වනවිට කැබිනට් මණ්ඩලය තුලත් මේ ටෙන්ඩරය පිළිබඳව ගැටලු පැන නැගී තියෙනවා.‘‘
2025 දෙසැම්බර් මස 30
51
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
718
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෙරවලපිටිය ටෙන්ඩරය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Chanak Los angeles Wednesday, 20 June 2018 07:25 PM
සමහර ලාභ දේවල් වල හිල් තිබෙනවා කියා කියනවා .පේනවා නේද නොරෙච්චෝලේ කන පරිප්පු .