IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කරුවලගස්වැව දැරියට හමුවූයේ රන් පිළිමයක්දැයි සොයයි

ජුඩ් සමන්ත

පුත්තලම  රජවිගම ප්‍රදේශයේ කුඩා දැරියකට හමුවූ බව කියන දඹ රන් බවට සැකකරන පිළිමයක් තම බාරයට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

අද උදේ රජවිගම ග්‍රාම නිලධාරීවරයා විසින් මෙම පිළිමය පොලිසියට බාරදෙනු ලැබ ඇත.

අගල් 4 ක් පමණ උස මෙම පිළිමය ග්‍රෑම් 500 කට ආසන්න බරකින් යුක්ත බව කරුවලගස්වැව පොලීසියේ නිලධාරියෙක් පැවසීය.

කරුවලගස්වැව පොලිස් වසමේ රජවිගම ගම්මානයේ පදිංචි 11 හැවිරිදි දැරිවියකට පසුගිය 27 වැනිදා ගෙවත්තේ මල් පාත්තියේ තිබී මෙම පිළිමය හමුවී ඇති බව කියයි. මේ බව දැන ගෙන ඇති ගම්වාසීන්  ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට මෙන්ම පොලිස් හදිසි ඇමතුම් අංශයටද දැණුම් දීමට කටයුතු කර ඇත‍.

ඒ අනුව රජවිගම ග්‍රාම නිලධාරීවරයා  පිළිමය බාරගෙන එය අද පොලීසිය වෙත ලබා දීමට කටයුතු කර ඇත.  මෙම පිළිමය නිධානයකින් ගත් එකක් බවට කිසිදු සළකුණක් නොමැති බව පොලීසිය කියයි.



අදහස් (13)

කරුවලගස්වැව දැරියට හමුවූයේ රන් පිළිමයක්දැයි සොයයි

රජින්ද Saturday, 03 March 2018 09:55 AM

නිධානයකින් ගත්ත එකක් නොවේ නම්, විහාරස්ථානයකින් ගත් එකක් විය හැකියි.

:       209       96

Nandalal DE SILVA - France Saturday, 03 March 2018 11:54 AM

මෙම පිළිමය නිධානයකින් ගත් එකක් බවට කිසිඳු සළකුණක් නොමැති බව පොලීසියට කියන්න පුළුවන් හැකියාව කුමක්ද? ඔවුන්ට පුරාවිද්‍යා වටිනාකම් ගැන කතාකරන්න පුහුණුවකුත් නැත. මේ පිළිමය අතින් අත මාරුවී, අවසානයේදී "මැටි පිළිමයක්" වීමට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දුන්නොත් යහපති...

:       282       161

Desi achchi Saturday, 03 March 2018 11:58 AM

අනේ කෙල්ලේ තව ටික වෙලාවක් හිටියා නම් කවරුහරි ඇවිල්ලා සල්ලි මල්ලක් දීලා යන්න තිබුණා.

:       50       355

mahinda Saturday, 03 March 2018 12:40 PM

එය ග්‍රැම් 500ක බරින් යුක්ත නම් පවුම් 62කට ආසන්නයි. බලධාරින්ගේ යුතුකම ඒ අසරණ දැරියට වටිනා පරිත්‍යාගයක් පිරිනැමීමයි. අනාගත දවස මේ රටේ කුපාඩි දේශපාලනඥයකු ඕක ම්ංකොල්ල කනවා නියතයි. මතකයිනේ කටුගෙයි කඩුව...

:       4       1641

wasantha Saturday, 03 March 2018 02:04 PM

එම පිළිමය එම ළමයාටම දෙමු.

:       0       487

Sampath Saturday, 03 March 2018 02:21 PM

මේවා බාරදීමට සහ බාරගැනීමට මීට වඩා වැදගත් ක්‍රමවේදයක් අවශ්‍යයි. දැන් ග්‍රාම නිලධාරී මහත්මයා 27 ඉඳන් අද වෙනකම් තියාගෙන හිටියේ ඇයි? මේ අතර හොරු පැනලා ගත්තානම් කව්ද වගකියන්නේ? ඒ නිසා මේ වගේ දෙයක් රජයේ තක්සේරුවක් වෙලාසනින්ම කරලා බාර දුන්නා නම් සුදුසුයි.

:       3       4

සතයපාල Saturday, 03 March 2018 04:02 PM

මේ පිළිමයේ පුරාවිද්‍යා වටිනාකමක් නැත්නම් ආපසු එම ළමයාට භාරදීම යුක්ති සහගතයි.

:       0       16

BamunuarachchiMonday, 05 March 2018 05:00 AM

හරියට හරි

:       0       46

ajith Sunday, 04 March 2018 02:05 AM

හොඳ වෙලාවට අපේ රංගයා ඔය පැත්තේ ඉන්න නැතුව ඇති. රංගයා පන්සලේ නිධානයක් ගන්න ට්‍රයි කරපු කෙනානේ (සිඳු )

:       0       0

පිටිගල මිලානෝ Sunday, 04 March 2018 02:07 AM

අලි ඇතුන් පවා පන්සල් අයිනේ දාලා යන මේකාලේ ඕවත් වැඩද?

:       52       22

de silva Sunday, 04 March 2018 04:55 PM

ඕක රත්‍රන්ද කියල බලාගන්න ඔච්චර අමාරුද? ඕක බැංකුවකට අරන් ගියානම් එක මොහොතෙන් ප්‍රශ්නේ විසදෙනවා. ලංකාවේ පොලිසිය මෙතරම් අකර්යක්ෂමද ?

:       0       1

Bamunuarachchi Monday, 05 March 2018 05:03 AM

ලංකාවේ පොලිසිය මෙතරම් අකර්යක්ෂමද ? නැහැ ඒක මැටි කරන ක්‍රමයක් සොයනවානේ. අනික මන්ත්‍රී ගොයියා මොකද කියන්නේ කියලත් බලන්න එපාය.

:       0       1

Golaya Tuesday, 06 March 2018 04:50 AM

පොලිසියට භාර දෙන්නේ නැතුව පුරාවිද්‍යාවට දුන්නනම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site