(අජිත් ලාල් ශාන්ත උදය)
නිවිතිගල, කිරිබත්ගල ප්‍රදේශයේ කන්දක් නායයාමෙන් නිවාස කිහිපයක් යටවී ඇති බවට තොරතුරු වාර්තාවෙයි. ඊට යටවි ජීවිතක්‍ෂය පත් වූ 10 දෙනෙකුගේ පමණ සිරුරු හමුවී ඇති බව ද පැවසේ. පස්වලට යටවු තවත් පිරිසක් සිටින බවට තොරතුරු වාර්තා වුවද ඒ බව තහවුරු කර ගැනීමට බලධාරීන් කිසිවෙකුත් සම්බන්‍ධ කර ගැනීමට දුරකතන මාර්ග අවහිරව තිබේ.
නායයාම් සම්බන්‍ධයෙන් තැනින් තැන තොරතුරු වාර්තාවෙයි. එහෙත් ඒවායෙන් විපට පත් වූවන් සම්බන්‍ධයෙන නිසි තොරතුරු ලබාගැනීමේ හැකියාවක් නැත. ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කර ඇති නිසාත් දුරකතන මාර්ග අවහිර වීවිමත් නිසා මේ තත්ත්වය ඇතිවි තිබේ.
ගංවතුරින් යට වූ ප්‍රදේශවල පානීය ජල ගැටලුවක් තදින් මතුව ඇතැයි ගවතුරට යටව පිරිස් පවසති.
පෙරවරුවේ පැවති වර්ෂාවේ යම් අඩුවීමක් සවස් වරුවේ දක්නට ලැබුණි. එහෙත් ගංවතුරේ අඩවක් නැත. රත්නපුර නගරය තවමත් ජලයෙන් යටවී තිබෙන බැවින් වාහන ගමනාගමනය ඇනහිට තිබේ.
COMMENTS
මොකක්ද මේ රටට වෙන්නේ? කාගේ අපලයක්ද මේ? බුරුතු පිටින් මැරෙනවානේ... හරිම දුකයි.