IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කරාපිටිය රෝහල් අපද්‍රව්‍ය බැහැර නොකිරීමෙන් සෞඛ්‍ය ගැටළු

(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)

 

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සති කීපයක් තිස්සේ ඇනහිටීම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැටළු මතුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.


 මෙයට හේතුවි ඇත්තේ එම අපද්‍රව්‍ය කොන්ත‍්‍රාත් ක‍්‍රමයට ඉවත් කරගත් පෞද්ගලික සමාගම මෙම කටයුත්ත නවතා දමා තිබීමයි. මෙම රෝහලේ සායනික අපද්‍රව්‍ය පුළුලූස්සා විනාශ කිරීම සඳහා ස්ථාපිත කර තිබූ දාහකයද ක‍්‍රියාවිරහිත වී වසර ගණනාවක් ගතවී තිබේ. 


ඒ සඳහා අලුතින් දාහකයක් සවිකිරීමට සැලසුම් සකස් කර තිබු  මුත් එයද මේ වනතෙක්  ක‍්‍රියාත්මක තත්වයට පත්ව නැත.

මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයමිපති සේනානායක මහතාගෙන් අප කළ විමසීමේදි ඒ මහතා මෙසේ කීය.

‘සායනික අපද්‍රව්‍ය දැනට සති කීපයක් තිස්සේ ඉවත් නොකිරීම සත්‍යයක්. මේවා ඉවත් කලේ පෞද්ගලික සමාගමක් විසින්. ඒ සඳහා කිලෝවකට යම් මුදලක් ගෙව්වා. ඒ සමාගමේ යම් ගැටළුවක් හේතුවෙන් දැන් මේවා ඉවත් කරන්නේ නැහැ.

දැනට අපි මෙම අපද්‍රව්‍ය රෝහල් භූමියේම ගොඩ ගසා තිබෙනවා. මේ ආකාරයට වැඩි දවසක් කරන්න බැහැ. මේක සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වීමට ඉඩකඩ බොහෝයි.  සාමාන්‍ය කසල නගර සභාවෙන් ඉවත් කිරීම සිදු කරණවා. ඒ ගැන ගැටළුවක් නැහැ. සායනික අපද්‍රව්‍ය පුලූස්සා විනාශ කිරීමට මෙම රෝහලේ දාහකයක් තිබුණා. ඒක දැන් ක‍්‍රියාවිරහිතයි. ඒකට අලුතින් එකක් සවිකිරීමට යෝජනා වුණා. නමුත් තවමත් ඒක ක‍්‍රියාත්මක තත්වයේ නැහැ. ඒකයි ගැටළුව වී තිබෙන්නේ‘



අදහස් (1)

කරාපිටිය රෝහල් අපද්‍රව්‍ය බැහැර නොකිරීමෙන් සෞඛ්‍ය ගැටළු

Hafeel Wednesday, 11 July 2018 07:39 AM

මෙම රෝහලේ සායනික අපද්‍රව්‍ය පුළුස්සා විනාශ කරන යාන්ත්‍රණයද ක‍්‍රියාවිරහිත වී වසර ගණනාවක් වෙනවා නං, මොන අවශ්‍යතාවට මේ රෝහලට අධ්‍යක්ෂවරයකුත්, රටට සෞඛ්‍ය ඇමතිකෙනකුත් පත් කරන්නේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site