(ඉන්දිකා රාමනායක)
‘මගේ ප‍්‍රකාශය වැරදි ඒක දන්නා එපා කියලා එදිනම මම සියලූ මාධයෙන් ඉල්ලා සිටියා. නමුත් එක් මාධ්‍ය ආයතනක් පමණක් එය විකාශය කළා.’කොරෝනා ආසාදිත තිදෙනකු මියගොස් ඇති බවට කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ මාධ්‍යට අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා එසේ පැවසීය.
මාර්තු මස 16 දින තලාහේන මගේ කාර්යලයේ මධ්‍ය හමුවක් පවත්වා මම ප‍්‍රකාශ කළා අපිට අරංචි ලැබිලා තියනවා මේ වනවිට කොරෝනා වලින් තිදෙනෙක් මියගොස් සිටින බවට . තවත් 40 ට පමණ කොරෝනා හැදිලා ඉන්නවා කියලා.
අපි ඒවා දැනගන්නේ නිල වාර්තා අනුව නෙවෙයි. අපිට නිල වාර්තා එන්නේ නැහැ. සමාජ මාධ්‍ය ජාලා වලින් තමයි වැඩි ප‍්‍රමාණයක් එන්නේ. මම ඒ ගැන මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළා.
එහිදී මාධ්‍යවේදියෙක් මගෙන් ඇහැව්වා මියගියා කියන ප‍්‍රකාශය ස්ථිරද කියලා. ඔහු කිව්වා මේක වැරදි ප‍්‍රකාශයක් කියලා. මම කිව්වා එහෙනම් මේක දාන්න එපා. මම නැවත ස්ථිර කරගෙන කියන්නම් කියලා.
පසුව මම යුද හමුදාපතිට කතා කළා. යුද හමුදාපති කිව්වා මියගියා කියන ඒ ප‍්‍රකාශය වැරදි කියලා. පසුව මාධ්‍ය ලේකම්ට කියලා පැමිණි සියලූ මාධ්‍යවේදීන්ට කිව්වා එම ප‍්‍රවෘත්ති දන්නා එපා කියලා.
නැවත මම 18 මම නැවත මාධ්‍ය හමුවක් පවත්වලා කිව්වා මේක වැරුද්දක් වෙලා තියනවා මේ නිවැරදි විය යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් කර තිබු පැමිණිලි අනුව කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබුණා
මීට මාස දෙකකට පමණ පෙර පොලිසිය මගේ කාර්ය මණ්ඩලයෙන් කටඋත්තර ගත්තා. නැවතත් මට එන්න කියලා දැනුම් දුන්නා. ඒ අනුව ඇවිල්ලා මම ඒකට උත්තර දුන්නා.
ඒ වෙලාව වනවිට රටේ ව්‍යාකූල තත්ත්වයක් තිබුණා. 40 ගානකට කොරෝනා හැදිලා තිබුණා. මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් නොයෙක් ප‍්‍රකාශ පැතිරුනා.
18 දින රජයේ නිළ නිවේදනවල තිබුණෙ සැකකටයුතු පුද්ගලයන් 204 යි කියලා. මේ වගේ වැරදි තොරතුරු රටපුරා පැතිරුණා. විපක්ෂයේ නිසා අපිට නිළ තොරතුරු ලැබෙන්නේ නැහැ. එම නිසා ජනතාවගේ ලැබෙන තොරතුරු තමයි අපි වැඩි වශයෙන් විශ්වාස කරන්නේ.ඒ අනුව අපේ මතය ප‍්‍රකාශ කරන්නේ.
2025 නොවැම්බර් මස 21
46
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
152
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1007
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොරෝනා කතාව ගැන ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක්
Prabha Friday, 29 May 2020 10:01 AM
රටම ආදරය කරපු මහා වීරයෙකු වැටුණු තැනක්... එකවතාවක් කව්දෝ කියපු සුදුකොඩි කතාවක් කියලා හිරෙත් ගියා.. දැන් කොරෝනාවක් ගැන කියලා... දැන්වත් නුවණින් කටයුතු කරන්න..
සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 May 2020 10:06 AM
අයියෝ.. මේකටද මේ අලියා යන තැන් බොහෝමයිනේ..? කූඹියා යන තැන්නේ වහන්න දඟලන්නේ.. අනේ මන්දා...
විපරමා Friday, 29 May 2020 01:15 PM
සමහර අය දේශපාලුවන්ට කඩේ යන හැටි, කියන බොරු බේගල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...