(ඩී.ජී.සුගතපාල)
කරන්දෙණිය ප්‍රාදේශිය සභවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවිර මහතා මියගොස් ඇත්තේ ටි 56 ගිනි අවියකින් වෙඩි තැබිමෙන් බවට පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වූ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පලා ගුණරත්න මහත්මිය ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන්වේ.
පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ ඒ මහතාගේ පපුවට වෙඩි උණ්ඩ හතක්ද හිසට එක් වෙඩි උණ්ඩයක්ද වැදී තිබූ බවයි. ඒ හේතුවෙන් ශරිරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුවිමෙන් මරණය සිදුව ඇති බව එහි සඳහන්ය.
ඩොනල්ඩ් සම්පත් රණවිර මහතා සිකුරාදා (08)රාත්‍රි කොරකීන ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගිවි තවත් තිදෙනෙකු සමග ආපසු යමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි පළා ගොස් තිබිණි.
පසුව බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රියාණි පොන්නම්පෙරුම මහත්මිය පැමිණ මුලික පරික්ෂණ පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යැවිමට නියෝග කලාය .ඒ අනුව සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිණි උත්පලා ගුණරත්න මහත්මිය විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරන ලදි
COMMENTS
අපරාධකරුවන්ට උපරිම දඬුවම් දිය යුතුමයි.
ඔය පටන් ගත්තා විතරයි.
පසුගිය රජය කාලෙත් ඕවා නොතිබුණා නෙමෙයි. යහපාලනය පත්කර ගත්තේ ඒ හින්දනේ. දැන් බැලුවාම මුත්තාට හපන්නේ මුණුබුරා.
ඔය දැන් කියන තරම් හොද නීතියට ගරු කරපු සීලාචාර හා සාමාන්‍ය සිවිල් වැසියෙක් නම් කොස්ගොඩ කවුද කියන පාතාල නායකයා එක්ක කිට්ටු සම්බන්ධතා තිබුණා. ඔහුත් එක්ක වැඩ කල කෙනෙක් වෙන්න බැහැනේ. අනෙක කොස්ගොඩගේ පවුලේ අයව ඝාතනයට මොහුව සැක කරන්න තරම් හේතුවක් කොස්ගොඩට නැහැනේ.. මේ සේරම පාතාල කල්ලිවල අය මැරෙන්න ඕනෙත් ඒ අයගේම වෙඩි උණ්ඩයකින් තමයි. ගෙවල්වල ඉන්න උදවිය නොදන්නා ගොඩක් වැඩ මෙයාලා හොරෙන් කරලා සුදනෝ වගේ ඉන්නවා කරන දේවල් ගෙවල්වල ඉන්න අය දැන් නැහැ. ගෙවල් වල ඉන්න අය හිතන් ඉන්නේ පෝය හතරම පන්සිල් රකිනවා කියලයි. මේවට අපි කණගාටු වෙන්න ඕනේ නැහැ කොහොමත් දේශපාලකයෝ මේ විදිහට මැරෙන එක ගැන ජනතාව කිසිම කම්පාවීමක් කල යුතු නැහැ.
දකුණු පලෙතේ නේද මේ. එ් පලාතේ මේවා සාමාන්ය දේවල්.
අසූ ගණන් වලත් ලංකාවේ විපක්ෂය මර්ධනය කරන්න රාජ්‍ය අනුග්‍රහය ලබන මැර කණ්ඩායම් යෙදෙව්වා . දැනුත් වෙන්නේ ඒකමයි.