IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කුරුදුවත්ත පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

නිමන්ති රණසිංහ

 

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (5) දින පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළිය කුරුදුවත්ත මළලසේකර මාවතට ඇතුළු වී ජනාධිපති මන්දිරය අවට රැඳී සිටීමෙන් වළකින ලෙස ඉල්ලමින් කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

බුද්ධි අංශ කළ අනාවරණයකට අනුව මෙම උද්ඝෝෂකයින් පිරිස හෙට (5) රාත්‍රීයේ සිට පසුව දා දක්වා ජනාධිපති නිල නිවස අසල රැදී සිටින බවට ලද තොරතුරු අනුව මෙම ඉල්ලීම සිදු කළ බවට කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව රජය පෙරැළීම හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් පොලිසිය සඳහන් කරන වගඋත්තරකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීම  අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය අනුව කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

කුරුදුවත්ත පොලිසිය විසින් වගඋත්තරකරුවන් ලෙස නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන,දිලුම් අමුණූගම,විමල් වීරවංස,උදය ගම්මන්පිල,වාසුදේව නානයක්කාර,ඩි.යු.ගුණසේකර,තිස්ස විතාරණ,අසංග නවරත්න,දිනේෂ් ගුණවර්ධන,ප්‍රසන්න රණතුංග යන අය නම්කර තිබිණි.

 



අදහස් (0)

කුරුදුවත්ත පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 337 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 426 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site