( තිළිණි ද සිල්වා )
තම සැමියා විසින් සංස්කරණය කරන ලද ඉංග්‍රීසි -සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ භාගය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 29 ක මුදල ගෙවීම ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පැහැර ඇති හෙයින් අදාළ මුදල ඔහු ගෙන් අයකර දෙන මෙන් ඉල්ලා මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ බිරිඳ අද (19) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.
උපුල් ශාන්ත සන්නස්ගල මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම මහත්මිය විසිනි.
එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කීරීම වෙනුවෙන් සන්නස්ගල මහතා කර්තෘ භාගය ලෙස රුපියල් ලක්ෂ 40ක් මුදලක් ගිවිසුම් ප්‍රකාරව ගෙවීමට පොරොන්දු වී ඇති අතර රුපියල් ලක්ෂ 11 ක් ගෙවුවද ඉතිරි මුදල වන රුපියල් ලක්ෂ 29 ක මුදල 2013/10/01 දින සිට ගෙවා නැති බවද පැමිණිලිකාරිය කියා සිටී.
COMMENTS
මේ වෙලාවේ නම් ගෙවන්න විදියක් නැහැ. එව්වා ඡන්ද වැඩ වලටයි දොඹ තෙල් වලටයි වියදම් වුණා...
මම අහලා තියෙන විදියට නම් මේ දෙදෙනා මේ පොත මුද්‍රණය කළේ බොහොම අමාරුවෙන්. හොඳ දේවල් විකුණගන්න අමාරුයි. ජනප්‍රිය දේවල් වගේ නොවෙයි නේ. මහැදුරු තුමාගේ වටිනා දැනුම ලොවට පෙන්වන්න කොහොම හරි මේ කෘතිය එළිදක්වන්න කියලා මට මතකයි පත්තරවල ලිපි පළවුණා. එහෙම බැලුවම මට හිතෙන්නෙ කර්තෘභාග ගෙවන්න තියා මුද්‍රණ වියදමවත් නොලැබෙන්න ඇති කියලයි.
පසුගිය දවස්වල හොරු කිය කියා දේශපාලකයන්ට කිව්වා. බලාගෙන යනකොට ඔක්කොම හොරුනේ...
අනුන්ට හොරු කිය කියා NGO සල්ලි පස්සේ දුවන බොරු පුරවැසි සංවිධාන බොහොමයක්, අලුත්යැයි කියන පරපුරුවල බොහොමයක් උදවියගේ කැරැට්ටුව ඕකයි. එලි වෙන්නේ පස්සේ !
අනුන්ට හොරු කියකියා බොරු මඩ ගහන සුද්දවන්තයින්ගේ හැටි ඔහොම තමයි !!!
ඔන්න කළ හොඳ පස්සෙන් එලෝනෝ...! සුචරිත සර්ට පොත ගහ ගන්න බැරිව හිටි හැටි අපියි දන්නේ.. එච්චර ලොකු වියදමක් දරන්න කිසි කෙනෙකු කැමැති වුනේ නැති වෙලාවේ සන්නස්ගල තමයි ඒක කෙළේ ලාභ නොබලා.. ඔච්චර ගාණක් ගෙවන්න පොත විකිණෙන්න එපායැ...