IMG-LOGO

කර්තෘභාග වලින් අය කළ සියයට 14ක බද්ද අහෝසි

හර්ෂණ තුෂාර සිල්වා
 
 නව දේශීය ආදායම් පනතට අනුව සිනමා කර්මාන්තයේ නියැලෙන්නන්, ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් සහ ග්‍රන්ථ කතෘවරුන් සඳහා ගෙවන පුරස්කාරවලින් (කර්තෘභාගවලින්) අය කළ සියයට 14ක රඳවාගැනීමේ බද්ද අහෝසි කිරීමට තීරණය කළ බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක මහතා අද (6) පැවැසීය.

 
 ඒ අනුව ටෙලිනාට්‍ය, චිත්‍රපට හෝ ග්‍රන්ථවල සම්පූර්ණ අයිතිය චිත්‍රපට ප්‍රදර්ශකයකුට හෝ රූපවාහිනි ආයතනයකට හෝ වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීමේදී නිර්මාණකරුට ගෙවන මුදල මත අය කරන සියයට 14ක රඳවා ගැනීමේ බද්ද මින් ඉදිරියට අය නොකෙරෙන බව ද අයිවන් දිසානායක මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවැති මාධ්‍ය හමුවකදී කීය. 
 
 එසේ වුවත් චිත්‍රපට නිෂ්පාදකයා හෝ ටෙලිනාට්‍ය නිෂ්පාදකයා හෝ ග්‍රන්ථ කර්තෘවරුයා මෙම නිර්මාණ විකිණීමෙන් ලැබෙන ලාභය මත සාමාන්‍ය පරිදි ආදායම් බදු ගෙවිය යුතු වේ.  
 
 එහෙත් චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ ග්‍රන්ථ නිර්මාණයක් ප්‍රදර්ශනය  කිරීමේ අයිතිය හෝ ප්‍රකාශන අයිතිය හෝ පමණක් පැවැරීම වෙනුවෙන් ගෙවන පුරස්කාරය (කර්තෘභාග) මත සියයට 14ක රඳවා ගැනීමේ බද්ද අය කරන බව ද හෙතෙම කීය. එහිදි තක්සේරු වර්ෂය අවසානයේදී දී ඉදිරිපත් කරන ආදායම් වාර්තාවේ මෙම රඳවා ගැනීමේ බද්ද සඳහා බදු බැර ලබාගැනීමට හිමිකම ඇති බව ද කොමසාරිස් ජෙනරාල් පැවැසීය.  
 
 නව ආදායම් බදු පනත ක්‍රියාත්මක වීම බලපානුයේ පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට බැවින් ඊට පෙර ගිවිසුම්ගත මුදල් ගෙවීම් කරන්නේ අප්‍රේල් 01 දිනට පසු දිනයක නම් එම මුදල් මත රඳවා ගැනීමේ බද්ද අඩු නොකළ යුතු බවත් එසේ අය කරගෙන ඇතිනම් එම මුදල් ආපසු ගෙවිය යුතු බවත් කොමසාරිස් ජෙනරාල් කීය.  
 
 මෙම බද්ද 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ ද සඳහන් වූ බවත් එහිදි සියයට 10ක බද්දක් අය වූ බවත් කොමසාරිස් ජෙනරාල්වරයා කීවේය. 
එහිදි තවදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද කීය.
 
 “මේ බද්ද අලුත් එකක් නෙමෙයි. 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේත් තිබුණු. එහිදි සියයට 10ක රඳවා ගැනීමේ බද්දක් අය කෙරුණා. අලුත් පනතේදී එය සියයට 4කින් වැඩි වෙලා. නව පනත ක්‍රියාත්මක වීමත් සමඟ එම බද්ද නිසි පරිදි ක්‍රියාත්මක වීම තමයි සිදුවුණේ”. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ උපදෙස් දුන් බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කීය.



අදහස් (2)

කර්තෘභාග වලින් අය කළ සියයට 14ක බද්ද අහෝසි

gunadasa Thursday, 07 June 2018 12:51 AM

විශ්‍රාමිකයන්ගේ තැන්පතු වලට ගහන බදුත් ඉවත්කරන්නකෝ?

:       0       2

සතයපාල Thursday, 07 June 2018 04:41 AM

නිර්මාණවලට බදු ගහනවා කියන්නේ මිසුන්ගේ චින්තනයට බදු ගහනවා වගේ වැඩක්. ඒක මහා අසාධාරණ වැඩක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 69 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 283 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site