(නිමන්ති රණසිංහ)
හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ගේ ගුවන් ගමන් තහනම ඉවත් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (9) නියෝග කළේය.
මන්ත්‍රී වරප්‍රසාද යටතේ ලබාදී තිබු රුපියල් කෝටි 9 කට අධික වටිනාකමකින් යුත් ලියාපදිංචි නොකළ වෙඩි නොවදින ජීප් රථයක් ආපසු භාරනොදී සාපරාධී සාවද්‍ය පරිහරණය කළෑයි කියන සිද්ධියකට අදාලව ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
මෙම සිද්ධියට අදාලව නිතිපති උපදෙස් මත නඩුව අවසන් වු බැවින් හිටපු නියෝජ්‍ය ඇමැති වෙත පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ගොනුකළ මෝසමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කැරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.