( තරිදු ජයවර්ධන )
එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු උප නායකයකු මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන්හූල් මහතා මෙම පැමිණිල්ල පොලිස් මූලස්ථානයට යොමු කළ බව පොලීසය පවසයි.
කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ඇතුළත් හඩපටයක්ද පොලීසියට යොමු කර තිබේ. එම විමර්ශනය සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව උසස් පොලිස් නිලධාරීයෙක් ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂිවාජිලින්ගම්... TNA සිංහලයින් ට කීයපුව දන්නවාද?
හූල් සභාවට ගැලපෙන කෙනෙක් නාෙවෙයි. පක්ෂග්‍රාහී කෙනෙක්... වහා ඉන් ඉවත්කළ යුතුයි.
ඒතකොට අර මාධ්‍ය දෙකකට හොඳ පාඩමක් උගන්වනවා කියල තර්ජනය කරපු ඇමතිවරයා ගැන පරීක්ෂණ අරඹන්නෙ කවදද?
මතක තබා ගන්න. කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් කෙනෙක්.. දැන්..?
මේ දේශප්‍රේමීන්ට හිරිහැර කරන්න එපා..
ඔව් ඔව් ඔහු දේශප්‍රේමී නොවුන නම් තාම ගහනවා කොටින්ට. ඔහු කරපු නිහඩ සේවයට මේ රටේ මිනිස්සු ණයගැතියි. ඔහු තොරතුරු දුන්නේ නැත්තන් ආමි එකේ කොල්ලෝ කියක් මැරිලද මේ වෙද්දී...නොදන්නා දේවල් කතා නොකර ඉන්න.