ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වන එච්. එම්. බී. පී. හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා උපදෙස් දී තිබේ.
මෙම ඉවත් කිරීමට ආසන්නතම හේතුව වුයේ වී ඇත්තේ අද (මැයි 05) ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනා සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙක් වන පිරිසට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අපොහොසත් වීමයි.
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල අද දින (මැයි 05) සිට සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙයි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකුගෙන් හා ක්‍රීඩා පුහුණු කරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරයේ මම කණ්ඩායමට නේවාසික පහසුකම් සලසා තිබිණ. එහෙත් ඊයේ (මැයි 04) උදය වර්වේ සිට නේවාසිකාගාරය තුල විදුලිය බිඳ වැටී තිබී ඇති අතර ඒ හේතුවෙන් උදය කාලයේ සිට නේවාසිකාගාරය තුල ලැගුම් ගෙන සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවී තිබිණ. ඊයේ සවස් කාලය වන විටත් මෙම තත්වය පැවතී ඇති අතර නේවාසිකාගාරයේ ජල පහසුකම් ද විදුලිය ඇන හිටීම නිසා අඩපන වී ඇත. ඊයේ සවස 5.00 වන විටත් මම ගැටලුව විසදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණ.
ක්‍රීඩා ඇමතිවරයාගේ උපදෙස් පරිදි මෙම තරගාවලියට සහභාගි වන සියලුම නේවසිකයින් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ තරු 4 හෝටලයක නවාතැන් ගැන්වීමටත් ඔවුන්ට අවශ්‍ය අහාර පාන සැපයීමටත් කටයුතු යොදා තිබේ.
COMMENTS
මේකෙදී ක්‍රීඩා ඇමති තමයි ඉස්සරවෙලා ඉල්ලා අස්වෙන්න ඕනෑ. ඊට පස්සේ ඊළඟ ලොක්කා අයින්කරන්න ඕනේ...
ඇමතිතුමාට අපි එන්න එන්නම බයවෙමින් ඉන්නේ. අපිට වඩා ඉහල අයත් බයවෙලා. අර හොර හෝටල්වල ටික දකුණු මුහුදු තීරයෙන් ඉවත් කරන එක පවා නැවැත්තුවනේ. ඉතින් අපි බය වෙන එක අහන්නත් ඕනෙද? නෙරපලා දාන්න ඇමතිතුමෝ, බයවෙන්න එපා යකෙකුටවත්...
මේවා ගැලරිය පිනවන්න ගන්න තීන්දු. ලයිට් ගිය එකට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අස්කරනවා නම් පළාත් පාලන මැතිවරණය පරක්කු වෙච්ච එකට මෙයා ඉල්ලා අස්වෙන්න ඕනෑ.
ඇත්තටම කමෙන්ට් කරන බයියෝ දැක්කම රටේ අනාගතය හිතාගන්න පුළුවන්... කොච්චර කිව්වත් අත, අලි, පොහොට්ටු වෙලා මරා ගන්නවා. ගෝත්‍රිකත්වය උපරිමයි.
අමාත්‍යාංශය ඇමැතිතුමාගේ අම්මගේ, අප්පගේ බූදලයක්ද? කෙනෙක්ගේ වැඩ නවත්වන්න ඕනේ නිසි පරීක්ෂණයක් කරලා වරදකරු වුණොත් නේ...
වැඩ කර නැත්නම් ගෙදර යායුතුය. මෙය හොඳ ආදර්ශයක් ලංකාව වගේ කම්මැලියෝ ඉන්න රටකට...
කොන්ද පොඩ්ඩක් හරි තියෙනවා කියලා පෙන්නපු එක හොඳයි. නමුත් රාජ්‍ය සේවය ඔයවගේ අස්කරලා දැම්මොත් අන්තිමේට තමුන්නාන්සේටත් ඔය හැන්දෙන්ම බෙදා ගන්නයි වෙන්නේ...
හොඳම වැඩේ ඔය අයට... නිසි ක්‍රමවේදයක් නැති අමාත්‍යාංශයක්.. පගාවට හිතවතුන්ට දිනුම දෙන පුදුම නරක වැඩ කරන තැනක්... මේ අය ක්‍රීඩාව නැති කළා ..
ඇමතිතුමෝ ඔහොම මෝඩ තිරණ ගන්න එපා. හරියට හොයලා බලලා තීරණ අරගෙන වචන පිට කරන්න. නිලධාරින් අයින් කරන්න කලින් ඇමතිතුමා අයින් වුනොත් හොඳ ආදර්ශයක් වේවි රටටම...
මෙතන කොමෙන්ට් කරන අයගේ මොලේ අන්ධ කයිප්පුද මන්දා? හරි තීරණයක් ගත්තොත් ආඩපාලි කියනවා. තීරණයක් නොගෙන හිටියොත් අම්බානට බනිනවා. යකෝ ඉඩෝරයකට පස්සේ වැටුණු වැහි පොදක් වගේ ඉඳලා ඉඳලා ගත්ත හොඳ තීරණයක් මේක. ඔය නිලධාරින් ඔක්කොම හොරු. ඒ අයට ඕනේ ආණ්ඩුව පන්න ගන්න. ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳලා රටට ලැජ්ජා කරවලා ඒකේ වරද ආණ්ඩුවට පටවන්න. ඕක පිටුපස අනිවාර්යයෙන් නීච ඊනියා දේශප්‍රේමියෙක් ඇති...
මෝඩ බුවල්ලෝ ටිකක්නේ පත්තරේ කියවන්නේ.., මේකෙන්ම තේරෙනවා ඒක...
මේ ඔක්කොටම මුල ක්‍රීඩාව ! සෙල්ලම් කළොත් නිෂ්ඵල වෙයි දැනගනිල්ලා.. කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ. මේ කොමෙන්ට්වරු උන්නැහේලා වුනත් ජල්බරි අඳින්නේ ක්‍රීඩා තරඟ හින්දනේ. ක්‍රීඩා කරන එක තහනම් කරන්න. ඒත් සම්පූර්ණයෙන්ම එපා.. එහාට මෙහාට පනින එක.. ඉරට්ට පිම්ම වගේ පිල්ලි ගැහීම, අංචි ඇදීම, ටෙන්ඩර් කෙලිය වගේ ගරු ක්‍රීඩා පුහුණුව දේශපාලකයින්ට පමණක් ලබා දෙන්න!
මම නම් දකින්නේ මේ සිද්ධිය වෙනත් විදියකට. සමහර අය ජනප්‍රිය වෙන්න හිතාගෙන නැත්නම් තමුන් වැඩකාරයා කියලා පෙන්නන්න බලය අයුතු විදියට පාවිච්චි කරනවා. මේ ස්ද්ධියට ක්‍රිඩා අධ්‍යක්ෂ ගෙදර යන්න් ඕනෑනම් ඒත්සමගම ඇමතිතුමත් ඊටත් කලියෙන් අමාත්‍යංශ ලේකම් ගෙදර යා යුතුයි. මොකක්ද අඩුපාඩුව කියලා හොයලා බලලා විසදුම් දෙනවා මිස පළිගැනීම් කරන එක වැරදියි. රාජ්‍ය අංශය එකෙකුගෙවත් පෟද්ගලික දේපලක් නෙවෙයිනේ. ඇමති තුමෝ හොදින් අධ්‍යනය කරන්න අගේ ඉදන් කණ කන එකෙක් ළග ඉන්නවා වගේ.