(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව ස්වාධීන කොමිසන් සභාවල වැටුප් වැඩි කිරීමට කටයුතු කරන්නේ නම් ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට හා බලතල දීමටත් කටයුතු කළ යුතු යැයි කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) රජයෙන් ඉල්ලීමක් කළේය.
පොලිස් කොමිසම මගින් උසස්වීමත් ලබා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ එම උසස්වීම පොලිස්පතිවරයා විසින් අත්හිටුවනු ලැබ තිබීම පිළිබඳව විෂය භාර ඇමැතිවරයාගේ අවධානයට යොමුකරමින් රාජපක්ෂ මහතා ඒ බව කීය.
මහින්ද රාජපක්ෂ මහතා - පොලිස් කොමිසම ගන්න සමහර තීන්දු පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකරනවා නම් ඒ කොමිසමට පඩි වැඩි කරලා වැඩැක් නැහැ.
ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා - මම ඔබ තුමාගෙන් අහන්නේ පොලිස් කොමිසම දුන්න මොන තීන්දුවද ක්‍රියාත්මක නොවී තිබෙන්නේ
මහින්ද රාජපක්ෂ මහතා - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහත්මයාට පොලිස් කොමිසම ලබා දුන්න උසස්වීම පාර්ලිමේන්තුවේ නායකයා වන පොලිස්පතිවරයාට නතර කරන්න අයිතියක් තිබෙනවද? එහෙම නම් මේ ස්වාධීන කොමිසමෙන් වැඩැක් තියෙනවද?
ස්වාධීන කොමිසමෙන් මේවා කරන්නේ සොයල බලලා අවාට ගියාම නොවෙයිනේ.එහෙම නම් ඒ තීන්දුවට ගරු කරන්න ඕන.මේක දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි.
COMMENTS
ඔබ තුමා ඉන්න කාලේ හැම දේම කලේ හරි විදියටද?
මහින්ද මහතා කොමිසමෙන් ගන්න සමහර තීන්දු පොලිස්පති ක්‍රීයාත්මක නොකිරීමත් පොලිස් කොමිසමේ පඩි වැඩි කිරීමත් අතර සම්බන්දය මොකක්ද? තීන්දු ක්‍රීයාත්මක නොකරන නිසා පොලිස් කොමිසමෙන් වැඩක් නැහැ කීවානම් එකතාවේ ත්රුමක් තිබෙනවා. අනික නිලධාරීන්ගේ ක්‍රීයා කලාපය ගැන හොඳට දන්නේ නිලධාරීන් සමගම සිටින පොලිස්පතිය.
මහලොකුවට නීති රෙගුලාසි ගැන කතා කරනවා ... ජනපතිවරණයේදී ඡන්ද වැඩට මොහු ලංගමයෙන් ගත් බස් වලට මුදල් ගෙවීම හිතා මතාම පැහැර හැරලා .. දවසක් මේ ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කලාම ඒගැන මගෙන් අහලා වැඩක් නැහැ කියලා තිබුනා .. මරු නේද රටේ නායකයෙක් දීල තිබෙන උත්තරය ?කෝ ඒ පිළිබඳව තිබුණු නඩුව කොහේ සඟවලාද දන්නේ නැහැ . ඒ ගැනත් පාර්ලිමේන්තුවේ මොහුගෙන් ප්‍රශ්න කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා ..මන්ද එහෙම පොලු තැබුවාම ආයතනයක් දුවන්නේ කොහොමද ? අනෙක් කරුණ මොහු රාජ්‍ය නායකයෙක් .. නායකයෝ සේවකයන්ට වඩා රටේ පොදු දේපල වලට ආදරය කල යුතුයි රැකගත යුතුයි ..
එතකොට කොමිසමකින් නුදුන්නත් ශ්‍රී ලන්කන් එයාර්, ශේෂ්ටාධිකරණය වගේ තැන්වලට, නුසුදුස්සන්ට උසස් වීම් දීපු එක ගැනත් මොනවා හරි කියන්නකෝ.
ඔබතුමා දන්නේ නැතිද පොලිස්පතිට පුළුවන්නේ නිතිය නමන්න. දැක්කද පන්සිල් ගත්තේ නැහැ කියලා දීපු දඬුවම.
තව මොකක් හරි වැඩක් කරන්න පොලිසියේ සහය ගන්න හදනවා වගේ. හිරේ ඉන්න ඕන මුන් තාම අපේ සල්ලි වලින් ඉන්න උජාරුව.
Shan අර ලැම්බෝගිනි කාර් ටිකයි රත්තරන් අශ්වයෝයි ටික පෙන්නුවත් ඇති හිරේ දාන්න. බැරිද ඔබට ඒවා පෙන්වන්න එතකොට මෙයාව හිරේ දාවි. ඇත්ත බොරුව හරි වැරදි තෝරාගන්න බැරි ඔගොල්ලෝ කොහොමද රාජ්‍ය නායකයෙක් තෝරන්නේ.