(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
මැතිවරණ,අල්ලස්,රාජ්‍ය සේවා ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවයේ සභහපතිවරුන්ට හා ඒවායේ සාමාජිකයින්ගේ දීමනා වැඩි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය.
අගමැති, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
මේ අනුව නිල බලයෙන් පත්වන සභහපතිවරුන් හැර අනෙක් සභහපතිවරුන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් ලක්ෂයේ දීමනාව රුපියල් 1,35,000ක් දක්වාද අල්ලස් කොමිසම හැර අනෙකුත් කොමිෂන් සභාවල නිල බලයෙන් පත් නොවන සමාජිකයින් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 75000ක දීමනාව රුපියල් 90000 ක් දක්වා ද වැඩි කෙරෙණු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුගහලා අපෙන් පන්සෝන් එක උදුරා ගන්නකොට අපි හිතුවේ රටහදන්න කියලා බලනකොට මුන් පඩි වැඩිකොරගන්නයි බදු ගහල තිබෙන්නේ.