IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කම්කරු අමාත්‍යංශයේ අතිකාල දීමනා කප්පාදුව අත්හිටුවයි

( විනීතා එම් ගමගේ )

කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අතිකාල හා ගමන් වියදම් 50 %කින් කපා හැරීමට අමාත්‍යංශ පරිපාලනය ගෙන ඇති තීන්දුව වහාම  අත්හිටුවා පෙර පරිදි ගෙවීම් සිදු කරන ලෙස කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා අමාත්‍යංශ ලේකම්වරයාට අද (31) උපදෙස් දී ඇත.

මෙසේ අතිකාල සේවාවලින් 50%ක් කපා හරින්නැයි අමාත්‍යංශ ලේකම්වරයා විසින් බදාදා (30) අභ්‍යන්තර චක‍්‍රලේඛයක් නිකුත් කර තිබිණි. මේ බව මාධ්‍යවල පළවීමත් සමඟ අමාත්‍යවරයා මෙම චක‍්‍රලේඛය අත්හිටුවා ඇත.

මෙම අතිකාල කප්පාදුව තමන්ගේ අනුදැනුමකින් තොරව සිදුව ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා මින් ඉදිරියට මෙවැනි තීන්දු ගැනීමට පෙර තමන් දැනුම්වත් කරන ලෙසද අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇතැයි එම අමාත්‍යංශයේ නිවේදනයක සඳහන් වේ.

කම්කරු අමාත්‍යංශය වැඩකරන ජනතාවගේ අයීතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක‍්‍රීයාත්මක අමාත්‍යංශයක් බව පවසන අමාත්‍යවරයා එම අමාත්‍යංශයේම සේවකයන්ට හිමි වරප‍්‍රසාදයක් කප්පාදු කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද පවසයි.

අමාත්‍යංශයේ සේවකයන්ට අතිකාල සහ ගමන් වියදම් ගෙවීමට වෙන් කර ඇති මුදල් ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවන්නේ නම් භාන්ඩාගාරයෙන් අමතර ප‍්‍රතිපාදන ලබාගෙන හෝ අමාත්‍යංශයේ  වෙනත් වියදම් සඳහා ඇති අරමුදලකින් හෝ සේවකයන්ට හිමි එම දීමනා අඛන්ඩව ගෙවීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.



අදහස් (5)

කම්කරු අමාත්‍යංශයේ අතිකාල දීමනා කප්පාදුව අත්හිටුවයි

sarath Thursday, 31 August 2017 01:03 PM

සේවකයින් රජය කෙරෙහි අප්‍රසාදය ඇතිකිරීම සඳහා වෙරදරන නිලදාරීන් ගැන අවදියෙන් සිටිය යුතුයි

:       96       1

samantha Thursday, 31 August 2017 11:30 PM

අතිකාල දීමනා අමාත්‍යංශයේ සේවකයන්ට හිමි වරප‍්‍රසාදයක් වන්නේ කොහොමද? රාජකාරි වෙලාවෙ හරියට වැඩ නොකර එදා ඉදන්ම මෙය වරප්‍රසාදයක් කරගෙන ඇති. අනේ මේ අපේ සල්ලි නේද බොරුවට ගෙවන්නේ.

:       0       0

tilan Thursday, 31 August 2017 11:32 PM

සමහර බවලත්තු ගෙදර යන්නත් රජයේ වාහන ගන්නවා. මේවා නැවැත්විය යුතුයි

:       0       0

rohini Thursday, 31 August 2017 11:48 PM

කම්කරු අමාත්‍යංශයේ අතිකාල දීමනා ලබන රජයේ වාහන භාවිතකරන අතලොස්සක් සතුටු කරන්න ගිහින් දුප්පතුන්ගෙ මුදල් නිකරුනේ නාස්ති කරන්න ඉඩදෙන්න එපා. හෙයාලා බලන්න අතිකාල කරන්නේ ඇත්තටම රාජකාරි වෙලාවෙ හරියට වැඩ කරලාද කියලා. රජයේ වාහන වල යන්නේ රාජකාරි ගමන්මද ඒවා අත්‍යවශ්‍ය ගමන්මද කියලා.

:       0       0

malaka Friday, 01 September 2017 12:38 AM

බොහෝ අය අතිකාල කරන්නේ රාජකාරි වෙලාවෙ නිකන් ඉදලා. අතිකාල කියන එකේ තේරුමවත් හරියට දන්නේ නැහැ ලංකාවේ සමහර රජයේ සේවකයින්. හිතන් ඉන්නේ අයිතිවාසිකමක් කියලා. අපරාදේ රටේ සල්ලිමේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site