(ඉන්දිකා රාමනායක)
රාජගිරිය සිල්වා පටුමග ආසන්නයේ දී අද(12) කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කොළඹ ප්රධාන පෙළේ පාසලක සිසුවකු මියගොස් තවත් සිසුන් සිසුන් 7 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බව පොලිසිය කියයි.
තුවාල ලැබු සිසුන් සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බවත් ඒ අතර කැබ් රථය පැද වු සිසුවාද වන බවත් පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ඉසුරු උයනේ පදිංචි මොහොමඞ් අමාන් කිවිල් (18) නමැති සිසුවා බවද මියගිය සිසුවා සහ තුවාලකරුවන් කොළඹ ප්රධාන පෙළේ විදුහලක උසස් පෙළ සිසුන් බවද පොලිසිය පවසයි.
මේ දිනවල එම පාසලේ සැනකෙළියක් (කානිවල්) පැවැත්වෙන බවත් මෙම සිසුන් එහි සිට රාති්ර ආහාර ගැනීම සඳහා රාජගිරියට පැමිණ නැවත පාසල බලා යන අතර තුර මෙම අනතුර සිදුව ඇති බවත් කියති.
සිද්ධිය වන අවස්ථාවේ කැබ් රථයේ සිසුන් 10 දෙනකු ගමන් ගෙන ඇති අතර ඉන් සිසුන් දෙදෙනකුට පමණක් කිසිදු තුවාලයක් සිදුව නොමැත.
COMMENTS
වැරැද්ද දෙමාපියන්ගේ තමයි. එක් අයෙකුගෙන් රුපියල් 200000 බැගින් දඩ නයම කරන්න.
දඩ නියම කරන්න තියෙන්නේ පාරවල් බදු අරගෙන වාහන බුරුතු පිරිවරාගෙන යන දේශපාලුවන්ගේනුයි, ඒ අයට බල මෙහෙවර කරගෙන සමාජයේ වැජඹෙන ලොකු ලොක්කන්ගෙනුයි.පව්! මොනවා උනත් පාසල් සිසුන්. මල්ලියේ නංගියේ පුතේ දුවේ මීට වඩා හිතා බලා වැඩ කරන්න. ඔබට තව යාමට දුර ඇත.