IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කාබුල් නුවරට තවත් ප්‍රහාරයක් 24 ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර රජයේ සේවකයන් ගමන් ගනිමින් සිටි බස් රථයකට තලේබාන් සංවිධානය අද (24) එල්ල කරන ලද ප්‍රහාරයකින් 24 දෙනකු මියගොස් 42 ක් තුවාල ලැබූහ. 
 
බස් රථයට එල්ල වී ඇත්තේ කාර් බෝම්බ ප්‍රහාරයක් වන අතර ප්‍රහාරය එල්ල වී ඇත්තේ කාර්යබහුල වේලාවකය. උදෑසන 7ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. තලේබාන් සංවිධානය පසුගිය දින කිහිපයේදී දිස්ත්‍රික්ක කිහිපයක බලය අත්පන් කරගන්නා අවස්ථාවකදී මෙම ප්‍රහාරය එල්ල විය. ඒ අතරම පසුගිය සති කිහිපයේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන ලදි. 
 
ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් හි බටහිර කොටසේ ස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වූ අතර එම ප්‍රදේශය ෂියා හසාරා වාර්ගික සුළු ජාතිකයන්ට නිවහන වී තිබේ. මීට පෙර මෙම ජන කොටස ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල වී තිබේ. 
 
කාබුල්හි හසාරා ජන කොටස සඳුඳා දිනයේදී පසුගිය වසරේ එල්ල වූ ප්‍රහාරයක වසරක සංවත්සරය සැමරීමට සූදානමින් සිටියේය. පසුගිය වසරේ ජූලි 24 වැනිදා කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාරයකින් 84 දෙනකු මියගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එහිදි ඉලක්ක  වූයේ හසාරා ජන කොටසේ සාමාජිකයෝය. 
 
එම ප්‍රහාරය අයි.එස් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ දියත් කරන ලද පළමු ප්‍රහාරය ලෙසින් හැඳින්වුණු අතර ඉන් පසු අවස්ථා කිහිපයදීම අයි.එස් සංවිධානය ඇෆ්ගනිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන ලදි. 
 
(ඒ.එෆ්.පී 055)



අදහස් (1)

කාබුල් නුවරට තවත් ප්‍රහාරයක් 24 ක් මරුට

ධම්ම Tuesday, 25 July 2017 03:03 AM

ඇමෙරිකානු ආක්‍රමණික හමුදාව වහාම රටින් පිටවිය යුතුය. තලේබාන්වරු කාගේවත් රටක් අල්ලන්න ගියේ නැත. අයිඑස් ඔවුන්ට ඈඳීම ආක්‍රමණයිකයින්ගේ අසාර්ථක උපක්‍රමයකි.

:       51       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site