(ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී)
මේ රට කා දමා තිබෙන්නේ දේශපාලනඥයින් නොව මහ බැංකුවේ කට්ටිය යැයි හිටපු මුදල් අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කැබිනට් මණ්ඩලයේ ඇති ප්රශ්නය කයිවාරුව මිස වැඩ පෙන්වීමක් නොමැති බවද මන්ත්‍රීවරයා කීය.
පාර්ලිමේන්තුවේදී අද පැවැති සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත පිළිබඳව පනත විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.
‘අපි හැමදාම කටයුතු කර තිබෙන්නේ දේශපාලනය ගැන හිතලා මිස රට ගැන හිතලා නොවෙයි. විපක්ෂයේ වැඩේ පවතින ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම. අපිට සැබෑ ආර්ථික නිදහසක් ලැබිලා නැහැ.
අපට විශ්වාස භංග යෝජනා ගේනවා.දෝෂාභියෝග ගේනවා.නමුත් ඒකෙන් මේ රටේ තියෙන බැරෑරුම් ප්‍රශ්න විසදෙනවාද?රුපියල අව ප්‍රමාණය වීම සඳහා බලපාන්නේ කවුද දේශපාලනඥයින්ද කැබිනට් මණ්ඩලයද ජනාධිපතිද අගමැතිද නැහැ. මෙතෙක් දුර බොහොම ආඩම්බරයෙන් හිතුමතේ තමන්ගෙම පාලනයක් කියා කටයුතු කරන මහ බැංකුවයි.
මහ බැංකුව කියන කියන කියන විදියට වැඩ කරලා තියෙනවා නම් මෙහෙම රුපියල බාල්දු වෙනවාද.මේකට දේශපාලනය ඇගිලි ගැහුවේ නැහැ කියනවානම් කොහොමද ඩොලර් එක රුපියල් 158 ට ඇවිත් තියෙන්නේ. අපිට අපි ගැනම ස්වයං විවේචනයක් සිදු කිරීම අවශ්‍යයි.
අපට පෙර තිබු ආණ්ඩුවටත් ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන්න බැරි වුණේ කෙටි කාලීන ගමනක් ගිහින් ආර්ථිකය පාලනය කිරීමට කටයුතු කළ නිසයි. අපිත් හිතුවා මේ ආර්ථික ප්‍රථිපත්තිය දවසින් දවස හදාගන්න පුළුවන් වෙයි කියලා. මෙතැන අපට සෘජු තීරණ ගන්න බැරි එකයි තියෙන ප්රශ්නය.ඉතාම දියාරු තීරණ ගැනීමයි දැනට සිදු වන්නේ.මීට වසර දෙකකට පෙර ගන්න තිබු තීරණ අපි ගන්නේ අදයි. මෙතැන කරන්න තියෙන්නේ ඔළු මාරු කිරීම නොවෙයි ප්‍රතිපත්ති වෙනස් කිරීමයි.
මම ආණ්ඩුවට කියනවා මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්රයේ හොඳ ගමනක යන්නේ. පිටරට ඉන්න සුද්දෝ ඇවිත් කියන දේවල් පිළිගෙන ඒක විනාශ කරන්න එපා.
COMMENTS
මොකද දන්නේ නැහැ... මේ මහත්තයා හිටපු ගමන් හෙන ගහන ඇත්ත කතා කරන්නේ?
අනේ මගේ කට! රට ගැන හිතලා පිටරට කෙනකුට මහ බැංකුව බාරදීලා දැන් මොනවද මේ කියවන්නේ?
විදුහල්පති කෙනෙක් රු 15,000ක අල්ලසකට වසර 5ක බරපතල වැඩසහිත හිර දඬුවම්. මහා පරිමාණ මහජන මුදල් හොරු මයික් වලට ටෝක් දෙනවා. මොවුන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබෙයි මෙහෙම කරනවට... !
"කලකට රහලු කලකට වහ වෙනවාලු"...
කොහෙන්ද ඒ කතාව කරලා තියෙන්නේ ...?
මෙතුමා හොඳම වැඩක් තමයි කරේ, දැන් ඔක්කොම ගෙදර යන්ඩ ලෑස්ති වෙලා නේ ඉන්නේ.
ඒ හිතේ අමාරුවට කියන කතා. ඒ දවස්වල මෙයා දුන්නෙ ලොරි ටෝක් වැඩ ත්‍රීවීල් සයිස්.
ඕකනේ කියන්නේ හැමෝටම වැඩ බැහැ කියාලා.
සුදු අලියා නිකම් කලු බැටලුවා වෙලා...............
මේ රට කා දමා තිබෙන්නේ දේශපාලනඥයින්. එජාපය විනාශ කලා. දේශපාලනඥයින්. සියලුදෙනාම රටේ සම්පත් මංකොල්ල කෑවා.
අනේ මේ... පාර්ලිමේන්තුව හරියට වැඩ කරනවා නම් දැන් හිරේ ඉන්න ඕනේ තමා...
අර්ජුන අැලෝසියස් ගෙවල් අරන් දුන්නේ අපිටද? මට නිකන් විකාර වගේ...
මෙයා වැඩ දාලා මහ බැංකුවටත් ඇන්නා නේ...
ඕනෑම තැනක දියුණුවක් තියනවා නම් එතන හොරකම නැහැ. තම තමන් කරපු හොරකම් ගැන නිදහසෙන් පසු උත්තරීතරයි කියන තැන ඉන්න හා හිටපු අයගේ හදවතට තට්ටු කෙරුවා නම් අහගන්න පුළුවන් වෙයි. ආයතනික ප්‍රධානින් හොරකම් කරලා ගණකාධිවරයාට කියනවා. පොත බැලන්ස් කරන්න කියලා.
අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ හොරෙක් විතරයි. කියලා බැලුවාම වාසලේ කවටයා තනතුරටත් ඉහළින්ම සුදුසුකම් තියෙනවා. අනේ වාසනාවන්!!!
අපිට ඔච්චර ආදරේ නම්, ඉස්සෙල්ලා ඔබතුමා කරපු හොරකම් වලට හිරේ ගිහින් එන්නකෝ...
මේකට තමයි කියන්නේ බලේ තියනකොට මොලේ නැහැ. මොලේ තියනකොට බලේ නැහැ කියලා.
රවීට උත්තර දෙන්න ඕනෙම කෝල් එකක් ඇවිත් වගේ... මල්දෙණිය ඔයා නම් .. අනේ මන්දා.
යූ එන් පීය කෑවා. පොඩි මිනිහෙකුට වාහනයක් ගැනීමට බැරිවෙන තරමටම බදු ඉහළ දැම්මා. ඒකෙන් පක්ෂය අමාරුවේ වැටුණා. ඒ වුනාට කරපු හොරකම් වලට දඬුවම් ලැබෙන එක වළක්වන්නේ නැති නිසා පක්ෂයේ අනිත් අයත් එක්ක තරහයි. 'කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ කිව්වලු' .
රට කෑවේ තමන් මත මහත් විස්වාසයෙන් බලාපොරොත්තු තබා එවූ ජනතාව නොසලකා තමන් ගේ අාත්මාර්ථය වෙනුවෙන් රටේ ධනය සොරකම් කළ දෙපැත්තේම නායකයෝයි. මේ තැනැත්තා දිගින් දිගටම මහබැංකුවට අවලාද නගන නිසා යමක් මතක් කිරීමට අවශ්‍යයි. ඒ ජාතිලැදි බැංකු නිලධාරියෙක් විත්තියේ නීතීඥයාට කියා සිටියේ ඔබ අනුන්ගේ මුදලට කතා කලත් තමා මෙය කරන්නේ ජාතියට සාධාරණයක් කිරීම සඳහා බවයි. එවැනි අය සිටිනතැන ගැරහි්මට රවි නැඹුරුවීම අසාමාන්‍ය නැත. බැංකුවේ සල්ලිවලින් බදු අරන් ඒවා බැංකුවටම විකිණීමේ පාදඩ ව්‍යාපාරයේ යෙදුනු අැමතිවරු වීමත්, ඔවුන්ට රැකවරණය ඉහළින් ලැබුණු රටක මුදල් අවප්‍රමාණ නොවෙයිද?
රාජ්‍ය බැංකු ප්‍රධානින් ගෙන්නලා අඩු ලන්සු ඉදිරිපත් කරන්න උපදෙස් දුන්න හැටි අමතක වුනාද? කිරි මුට්ටියට ගොම දාල දැන් සුදනා වෙන්න හදනවා. පක්ෂෙට කරපු අවනම්බුව මකන්න ලැබෙන්නේ නැහැ.
බලාගෙන යද්දී මහ බැංකුව හොරා කාල තියෙන්නේ බැංකුවේම අයනේ. පව් අනේ අහිංසක රවී ඇමතිකමෙන් අයින් කලේ .....
මෙන්න වැඩ කාරයෙක්... සැරයක් අලිමංකඩට, පාමන්කඩ කියලා පල් කළා. දැන් නායකතුමාටත් බෙල්ල නැතිව ගෙදර යන්න වැඩ ලෑස්ති කළා.