(සිරංගිකා ලොකුකරවිට)
කැබිනට් මණ්ඩලය තීන්දු තීරණ ගන්නේ රටේ අනාගතය ගැන දශක ගණනාවක් ඉදිරියට සිතා බලා බවත් එහි සිටින්නේ තොත්ත බබාලා නොවන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද(30) ගාල්ලේ දී පැවසීය.
“රජය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නේ එක එක පක්ෂවලට ඕන විදියට නෙවෙයි, රටේ ජනතාව ගැන සහ රටේ අනාගතය ගැන දශක ගණනාවක් ඉදිරියට හිතලා. කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කරලායි මේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ. මම අද උදේ පත්තරේ දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරු කියලා තියෙනවා කැබිනට් මණ්ඩලය දන්නෙත් නැතුව රටේ සමහර තීන්දු තීරණ ගන්නවා කියලා. කැබිනට් මණ්ඩලය හොඳට දැනුවත්, කැබිනට් එකේ ඉන්නේ තොත්ත බබාලා නෙවෙයි. මහජන ඡන්දයෙන් තේරී පත්වුණු ඇමතිවරුන්. ජනතාව තමයි ඔවුන් පත්කළේ රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න“
“කොග්ගල නිදහස් වෙළඳ කලාපය හදන්න යනකොට හබරාදුව ජනතාව විරුද්ධ වුණා, බෝර්ඩ් අල්ලගෙන හිටියා. දැන් හම්බන්තොට වරායට ආයෝජකයන් ගේන්න ගිවිසුම් අත්සන් කරනකොට තවත් පිරිසක් විරුද්ධ වෙනවා. එයාලා පටු දේශපාලන වාසි ගැන විතරයි හිතන්නේ, අපි රජයක් විධියට මේ රටේ අනාගතය ගැන හිතනවා. හම්බන්තොට රැකියා දස දහස් ගණනක් බිහි කරන්න අපි සැලසුම් හදලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා. සුළුතරයකගේ විරුද්ධවීම් නොසලකා බහුතරයකගේ යහපත වෙනුවෙන් අපි වැඩ කරනවා“.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද (30) පැවති ගංවතුරෙන් විපතටපත් පවුල් 445කට රුපියල් ලක්ෂ36ක චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
COMMENTS
ඡන්දයෙන් පැරදුනු අය ඉන්න, සහ විවිධ දූෂණ, චෝදනා ඇති කැබිනට් හෝ ඇමති මණ්ඩලයක් ගැන ඡන්ද දායකයන්ගේ විශ්වාසයක් නැත. අපද තොත්ත බබාලා නොවෙමු. කරුණාකර අපට අපහාස නොකරන්න.
අනේද කියන්නේ ඕවා...
මහත්තයෝ තොත්ත බබාලා නෙමෙයි කියලා නම් දන්නවා. හැබැයි 8 වත් පාස් නැති අය රටේ ප්‍රතිපත්ති ගැන තීරණ ගන්න එකයි දුක. අවසානෙට ඒවගෙන් විඳවන්නේ අපි. අනික ඔතන වැඩි හරියක් ඉන්නේ එහෙයියෝ. වරදාන වරප්‍රසාද කොමිස් වලට දේශපාලන කරන අය. එහෙම අයගෙන් රටට හිතකර ප්‍රතිපත්ති කෙසේ වෙතත් ඒ අයට හිතකර ප්‍රතිපත්ති නම් සම්මත කරගනීවි. දේශපාලනයට වියදම් කරපු සල්ලි ටික හොයාගන්නත් ඕනෑනේ. හැබැයි, හැමදාම පරණ කතාන්දරය හරියන් නෑ. මිනිස්සු දැන් හිතන පතන විදිය දියුණුයි. තාක්ෂණය දියුණුයි. ඒ නිසා මිනිස්සු හැමදාම රවට්ටන්න බැරි වෙයි.
කපටි කෛරාටික හොර රජාලා වගේ තමයි සේරම ඉන්නේ...
අපි නම් හිතාගෙන හිටියේ තොත්ත බබාල ඉන්නවා කියලා. එහෙම නෙමෙයි නම්.. අයවැය වගේ ඉතාම වැදගත් කටයුත්තකදී ගන්න තීරණ කොහොමද උද්ඝෝෂණත් එක්ක වෙනස් වෙන්නේ? කැබිනට් ඇමති මාරුවෙන කොට කොහොමද ලොතරැයි මණ්ඩලය වෙනත් අමාත්‍යාංශයකට ගෙනියන්නේ? අපේ රටට විරුද්ධව ගෙනෙන චෝදනා වලට අත උස්සලා බාරගන්නේ කොහොමද? වැදගත් යෝජනා ගැන විවාද වෙනකොට කැන්ටිමේ තේ බිබී ඉන්නේ කොහොමද ? එහෙම නැතිනම් පුටුවේම නිදා ගන්නේ කොහොමද ? කැබිනට් ඇමතිලා තමන්ගේ ආසනය දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට තිබිලා පරදින්නේත් රට ගැන හිතා තීරණ ගන්න නිසාද ?
තොත්ත බබාලා නෙමෙයි? එහෙනම් කොමිෂන් සභාවලදී එළිවෙන දේ ගැන කට්ටිය ඔහොම ගාණක් නැතුව ඉන්නේ කොහොමද? හැබැයි තොත්ත බබාලට ලැජ්ජාව කියලා දෙයක් තියෙන නිසා ඒ අය මොකක්හරි ඇඳගෙන වත් ඉන්නවා.
ඇත්තෙන්ම...!!! ඇයි ජයගන්නා කෙනා කැබිනට් ඇමැතිවරයෙක් නොවන්නේ?
හැබෑවටම හෘද සාක්ෂියක් නැති, හැරුණු හැරුණු පැත්තට කතා කරන මෙවැනි කපටි රැලක් පාර්ලිමේන්තුවට යැවූ අපටම ටොක්කක් ඇන ගත්තා නම් හොඳයි.
ඔව්, ඉන්නේ කට්ට කෛරාටික ටිකක් තමයි. තවත් පහසුවට කියනවා නම් මේ තොත්ත බබාලා... කකුල් හතරෙ කට්ටියක්...
ඔව් ඔව්, මූනෙනුත් පේනවා තොත්ත බබා නොව හොර බැල්මක් තියෙන බවනම්...
ඔව් ඔව්, බූරුවන්ට, කොටළුවන්ට තොත්ත බබාලා කියන්නේ නැත.
කුඩු කන්ටේනර් ගණන් ගේනකොට අපිත් හිතුවෙ තොත්ත බබාලා කියලා. අනේ .... එන්නකො හරහට වඩාගෙන නලවන්න.
මම කියන්නේ නැහැ මොන බබාලද කියලා...
අපේ අහිංසක තරුණ, තරුණියන් පිට රැටියන්ගේ කර්මාන්ත ශාලාවල කම්කරුවන් කරවා රැකියා දුන්නැයි කියා පම්පෝරි නොගහ... ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, එංගලන්තේ ගොවියන් මෙන් අභිමානවත් හා ආඩම්බරයෙන් මම ගොවියෙක් කියලා කියන්න පුළුවන් වටපිටාවක් රාජ්‍ය අනුග්‍රහයෙන් හැදුවනම් කොහොමද කියලා... ඔය තොත්ත බබාලා නෙමෙයි කියන අයට නොතේරුණ එක තමයි වැරැද්ද...
කැබිනට් මණ්ඩලයේ ඉන්නේ තොත්ත බබාලා නොවන බව ඔබ නිසා තේරුම් ගතිමි. එය නොදැන සිටි නිසා අපි ඔබලාට ඡන්දය දුන්නෙමු. අපි ඔබලාගෙ බොරු වලට රැවටි අපි තොත්ත බබාලා වුනෙමු. 5 වසරවත්, 8 වසරවත් සමත් නොවු ඔබලා පාර්ලිමේන්තු යැවිම නිසා අපි තොත්ත බබලා වුනෙමු. ඡන්දයෙන් පැරදුණු ජනතාව ප්‍රතික්ශේප කල අයද ඔබගේ කැබිනෙට්ටුවේ සිටිමෙන් අපි තොත්ත බබලා නොව මෝඩයන් වුනෙමු.
ඔයාගේ අලුත් ගේ හදන්නේ කවුද ඇමතිතුමෝ..!!! ?
ඕකේ ඉන්නේ බබාලා නෙවෙයිඔ. මොලය දියුණු නැති බබා උක්කුං ලා තමයි...
ඔබතුමා හිතා ගන්න රටේ ජනතාවත් තොත්ත බබාලා නෙවේ කියලා පේනවනේ... රවිලා කරලා තියන වැඩ. සතොස ඉවරම කළා. අපි දැනගත්තා රටේ හදවත මහා බැංකුවට මේ දෙය කරන බව. සයිටම් රෝහල ගත්තට රාජිතට විශ්වාස භංගයක් ගේන්න කියලා.
මේ බබාලා මොනවත්ම දන්නේ නැහැ. හැබැයි හොරකමට, කොමිස් ගන්න වගේ එව්වට නම් විශේෂඥයෝ....
අපෝ නැහැ ඕකෙ ඉන්නේ නොම්බර එකේ රැලක්
දූරදර්ශී ප්‍රතිපත්තියක් තුලින් ; * අධ්‍යාපන ක්‍රමය වැඩි දියුණු කිරීම මගින් පාසලෙන් පිටවන සියලු දෙනාට වුර්තියමය නිපුණතාවයක් සහිතව පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසීමත්, * හැකියාවන්ට ගැලපෙන ලෙස රැකියා අවස්ථා හෝ ව්‍යවසායක අවස්ථාවන් ඇති කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමත්, * විදේශ ආයෝජන දිරි ගැන්වීමට පහසුවන පරිදි රාජ්‍ය පරිපාලනය කාර්යක්ෂම කිරීමත්, * රටට ගැලපෙන විදේශ ආයෝජන හඳුනාගෙන ඊට ගැලපෙන ව්‍යාපෘති සැලසුම් කර ඒවා ඉලක්කගත ආයෝජකයන් වෙත යොමු කිරීමත්, එමගින් අපනයන වර්ධනය කිරීමත්, * නාස්තිය සහ අනවශ්‍ය වියදම් කපා හැරීමට කටයුතු කිරීමත්, * යටිතල පහසුකම් වල කාර්යක්ෂමතාවය ඉහල දැමීමට කටයුතු කිරීමත් සිදුවිය යුතුය. එවැනි ප්‍රතිපත්තියක් ගැන සිතීමටවත් නොහැකි මන්ධබුද්ධික කැබිනෙට් මණ්ඩලයක් රටේ වැදගත් සම්පත් ටික විකුණගෙන කන ප්‍රතිපත්ති වලට දූරදර්ශී ප්‍රතිපත්ති යයි කියන්නේ නම් ඔවුන් තොත්ත බබාලාම විය යුතුය. එවැනි මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන ඡන්ධදායකයන් මීහරකුන් ලෙස හැඳින්වීමත් වරදක් ලෙස නොපෙනේ.
කැබිනෙට්ටුවේ ඉන්නේ තොත්ත බබාල නෙමේ බව අපි දන්නවා. හැබැයි උන් ටික කම්ම්බා හොරු බවත් අපි දන්නවා. කම්ම්බා හොරුත් එක්ක මෙරටේ ජිවත් වෙන්න අපි කොපමණ පව් කරලා තියෙන්න ඕනද?
ඔව් තොත්ත බබාලා නෙමේ, දුෂණයට වංචාවට විශේෂක්ඥයෝ.
කැබිනට් මණ්ඩලේ ඉන්නේ තොත්ත බබාලා නොවේ අලි බබාලා.
තොත්ත බබාලා නම් නෙවි. ලෝකෝත්තර හොරු රැලක්. චන්දයක් තියල බලමුද මහත්තයෝ?
ඇත්ත. තොත්ත බබල නොවෙයි. හොඳ අන් ගිලපු අන්කුර්ල ටිකක්. නැතිනම් එන එන පක්සේට පැන පැන කෝස මිටිකගෙන ඔය විදියට ඉන්න පුලුවන්ද?
දෙතොල කියපුදේ මුනේ ලියවෙනවා !!!!! වසන්කරනවිට ඇස්වල ලියවෙනවා !!!!! ලක්මව පාමුල දිඋරා කිඋදේ නිකම්ම පච වෙනවා!!!
ඔහෙලා කියන සහ කරන කපටි - හොර තක්කඩි කථා සහ වෑඩ විශ්වාස කරන්න තරම් අපිද තොත්ත බබාලා නොවෙමු.
හැබැටම මේ කැලෑවල හිටපු රිලව් රැල කොහාටවුනාද?
එතකොට ජනතාවටද තොත්ත බබාලා කියන්නේ?