IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


කැබිනට් ප්‍රකාශක තනතුරට ශ්‍රීලනිපයෙනුත් කෙනෙක්

(ආරියරත්න රණබාහු)

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න හා අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයකුට නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයකු වශයෙන් ඉදිරියේදී පත්කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් පක්ෂ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

කැබිනට් මාධ්‍ය හමුවේදී ශ්‍රීලනීප අභ්‍යන්තර ප්‍රශ්න ගැන මාධ්‍යවේදීන් මතුකරන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ටමම නව මාධ්‍ය ප්‍රකාශක තනතුර පත්කරන බවත් එම මාධ්‍ය ප්‍රකාශකයාගේ නම ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් ඒ මහතා කියයි.

ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් හමුවේදී රාජිත සේනාරත්න මහතා හා ජෝන් සෙනෙවිරත්න මහතා අතර පසුගියදා හටගෙන තිබූ මතබේදාත්මත ගැටුම සාකච්ඡා කර හොඳීන් විසඳාගත් බවද මහලේකම්වරයා පවසයි.

ඇති වූ තත්ත්වය ගැන ජනපතිවරයා කනගාටුව පළ කළ බවත් එවන් දෙයක් නැවත ඇති නොවීමට මෙම තනතුර පත් කළ බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රීලනීප මූලස්ථානයේදී අද(09) පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කීය.



අදහස් (14)

කැබිනට් ප්‍රකාශක තනතුරට ශ්‍රීලනිපයෙනුත් කෙනෙක්

vipula Tuesday, 09 May 2017 09:14 AM

නියම කැඳ හැලිය .......... තව දෙන්නෙක් විතර දාගන්න , එතකොට අපිට තව ටිකක් වැඩිවේවි .....

:       0       0

de silva berlin Tuesday, 09 May 2017 09:17 AM

ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය වැනි ලෝකයේ දියුණු රටවල නායකයෝ සතිපතා මාධ්‍යවේදීන් කඳවලා නිල මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. එතකොට එ්ක මධ්‍යවේදීන්ටත් පහසුවක් රටේ ජනතාවටත් නිවැරදි තොරතුරු ලැබෙනවා. නමුත් කණගාටුවට කාරණය නම් අපේ රටේ දේශපාලකයෝ රටේ වැදගත් තීරණ ගැන කතා කරන්නේ ගොඩනැගිලි විවෘත්ත කිරීම, උත්සවවල, මගුල් ගෙවල්, මල ගෙවල් වල දී කරන කතා වලදී... මෙහිදී ඔවුන් ප්‍රකාශ කරන දේවල් ගැන තවදුරත් විස්තර අසා දැනගෙන නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීමට මාධ්‍ය වලට අවස්ථාව නොලැබේ.... එමගින් වැරදි තොරතුරු ජනතාවට ලැබේ.

:       0       0

thilina Tuesday, 09 May 2017 09:22 AM

මේ මොන විකාරයක්ද කරන්නේ? ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට එක එක අයව පත් කර කර කාලය විනාස කරන එක ඇරෙන්න රටට කරන කිසිම වැඩක් නැහැ. කොන්ද කෙළින් තබා කතාකළ නොහැකි නායකයන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.

:       0       0

sisira Tuesday, 09 May 2017 09:36 AM

අපිට දැන් තියන ලොකුම ප්‍රශ්නය විසඳුවට ජය ...

:       0       0

sam Tuesday, 09 May 2017 10:13 AM

කෝ අර අවුරුද්දට පස්සේ එනවයි කියපු ඇමති සංශෝධනය. විසිල් විතරමයි. බල්ටි ඇත්තෙම නෑ.

:       0       0

mahinda Tuesday, 09 May 2017 10:31 AM

අනේ මන්දා? ප්‍රකාශකයෝ නම් ගොඩයි. ඊළඟ ජවනිකාවෙන් තවත් ජනතාව අවුල් කරන පරස්පර ප්‍රකාශ බලාපොරොත්තු වන්න! වැඩ ගැන අහන්න එපා, ප්‍රකාශ පමණයි.

:       0       0

imesh Tuesday, 09 May 2017 10:38 AM

කැබිනට් ප්‍රකාශකයන්ගේ ප්‍රශ්න අහන වෙලාවට පක්ෂවල ප්‍රශ්න අහන්න තරම් බුද්ධියෙන් හීනද?

:       0       0

sisira Tuesday, 09 May 2017 11:27 AM

ඕවා කරලා වැඩක් නැහැ. මෙයා අයින් කළාම ඒ හොඳටම ඇති. කරුණු කාරණා දන දැනත් ඔය පරාජිත පුද්ගලයාව අයින් කිරීමට තරම් කොන්දක් ඔය දියවන්නාවේ බලධාරීන්ට නැද්ද?

:       0       0

Sujeewa Tuesday, 09 May 2017 12:54 PM

මහින්දගේ කාලයේ යුද්ධයක් තිබිලත් හිටියේ එක කැබිනෙට් ප්‍රකාශකයෙක් පමණයි. දැන් තුන්දෙනෙක්. දෙන්න,...දෙන්න. හැමෝටම තනතුරු. වැඩිම වුනොත් 2020 වෙනකම් පමණයිනේ. ඇමතිවරු ව්‍යවස්ථාවටත් පටහැනිව 30 කටත් වඩා ඉන්නවා. වැඩක් කරන්නේ දෙතුන් දෙනෙක් පමණයි. වෙඩි වදින්නැති වාහන නොව, හෙන වදින්නේ නැති වාහන හැමෝටම දෙන්න ඉක්මණටම....

:       0       0

lalith Tuesday, 09 May 2017 01:18 PM

මදැයි එක්කෙනෙක් දෙන්නෙක් බයිලා ගහනවා බලන් උන්න. දැන් තව එක්කෙනෙක් ගහන බයිලා අහගෙන ඉන්න වෙනවා.

:       0       0

සෙනෙවි Tuesday, 09 May 2017 02:12 PM

රාජිත නියෝජනය කරන පක්ෂය කුමක්ද ?

:       0       7

siri Tuesday, 09 May 2017 07:24 PM

ඕකෙන් මේකෙන් වෙන්නේ කැබිනට් එකත් හරියට "ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ" තියේවි.

:       0       0

mahee Tuesday, 09 May 2017 11:02 PM

"ඇති වූ තත්ත්වය ගැන ජනපතිවරයා කණගාටුව පළ කළ බවත්"? මං හිතුවේ කණගාටු වෙන්න ඕන අනික් දෙන්නා කියලයි.

:       0       0

sathyayaa Tuesday, 09 May 2017 11:56 PM

අතීසාරයට අමුඩ ගහලත් ප්‍රශ්නය විසඳ ගත්ත මිනිස්සු ඉන්න එකම රට ශ්‍රී ලංකාවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 167 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1107 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site