IMG-LOGO

කාබනික බෝග වගාවට අභියෝග රැසක්

හර්ෂණ තුෂාර සිල්වා

කාබනික බෝග වගාවට සහයෝගය දක්වන අතරේම රසායනික ද්‍රව්‍ය යොදාගනිමින් කරන කෘෂි කර්මාන්තයට සහනාධාර ලබාදීම කිසිසේත් නොගැලපෙන බව  ‘බයෝ ෆුඞ්ස්පෞද්ගලික සමාගමේ නිර්මාතෘ හා සභාපති ආචාර්ය සරත් රණවීර මහතා අද (24) පස්වරුවේ පැවැසීය. 

‘බයෝ ෆුඞ්ස්’ පෞද්ගලික සමාගම ආරම්භ කර වසර 25ක් පිරීම හා ඔවුන්ගේ ඉදිරි වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී රණවීර මහතා එම කරුණු කීය. 

එහිදි අදහස් දැක්වූ ආචාර්ය සරත් රණවීර මහතා මෙසේ ද කීය.

    “මමත් විස රසායනවල ගොදුරක් වුණා. ඉන් අනතුරුව මම ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කළා. ආහාරවල තිබෙන රසායනවලින් අපට හානි සිදුවන්නේ කෙසේදැයි සොයා බැලුවා. මේ සමාගමේ ආරම්භය සිද්ධ වෙන්නේ එහෙමයි. අපි මේ වසරේදී සමාගමේ 25 වැනි සංවත්සරය සමරනවා.

අපේ සමාගම තුළින් කාබනික වගාවේ යෙදෙන ගොවීන් 10,000කට වැඩි පිරිසකට අවස්ථා සලසා තිබෙනවා. තිස් දහසකට ආසන්න පිරිසක් ඉන් ප්‍රතිලාභ ලබනවා. විශේෂයෙන්ම කුඩා පරිමාණ ගොවීන් අපත් සමඟ එකතු වී ආදායම් උපයනවා. ඒ පමණක් නොව එයින් රටට ද ආදායම් ගෙන දෙනවා. 

ඊට අමතරව අපේ නිෂ්පාදන මිලදී ගන්න දහස් ගණනකට අපි විස නැති නිෂ්පාදන ලබාදෙනවා. ඉදිරියේදී අපි තව තවත් නව නිෂ්පාදන හඳුන්වාදෙනවා. 

අපට රජයෙන් විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයෙන් සහාය ලැබෙනවා. විටෙක රජයෙන් සෘජු මෙන්ම වක්‍රකාරකාර සහයක් ලැබෙනවා. 

කාබනික බෝග වෙළෙඳපොළට නිකුත් කිරීමේදී එම නිෂ්පාදන කාබනික බව සහතික කළ යුතුයි. ජාත්‍යන්තර සම්මත හා ප්‍රමිතවලට අනුකූල බව තහවුරු කළ යුතුයි. රසායනික ද්‍රව්‍ය භාවිත කර නැති බව තහවුරු කළ යුතුයි. එවැනි අවස්ථාවක ඒවායේ මිල ගණන් තරමක් ඉහළයි. ඇතැම් විට රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් වෙළෙඳ පොළට නිකුත් කරන ආහාර, බෝග හා නිෂ්පාදනවලට වඩා මිල අධිකයි.

එය අප මුහුණ දෙන අසාධාරණ තත්ත්වයක්. එසේ අපේ මිල වැඩිවීමත් රසායනික ද්‍රව්‍යය යොදාගන්නා බෝග හා නිෂ්පාදනවල මිල අඩු වීමත් ආචාර ධාර්මික නැහැ. 

අනෙක් අතට කාබනික බෝග වගාව දිරි ගැන්වීමට සහාය දෙන අතරවාරයේදීම රජය කෘෂි රසායන පදනම් කරගත් කෘෂි කර්මාන්තයටත් එම ගොවීන්ටත් සහන දෙනවා. එය එකිනෙකට පරස්පර හා නොගැලපෙන ප්‍රතිපත්තියක්. රජය එය සලකා බලාවි කියලා අපි හිතනවා. ඒ වගේම ඕනෑම අවස්ථාවක රජය සමඟ සාකච්ඡා කරන්න අපි සූදානම්. 

රසායනික යොදන ලද ආහාර, බෝග හෝ නිෂ්පාදනවලින් දියවැඩියාව, පිළිකා ඇති කරන බව සොයාගෙන තිබෙනවා. එහෙත් කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ. එවැනි සමාගම් එසේ නොමැති බව ඔප්පු කරන්න විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. රසායනිකවලින් අපි මිය යන්නේ ටිකෙන් ටික.

කාබනික බෝගවල යම් කිසි අහිතකර තත්ත්වයක් තිබෙනවා නම් ඉක්මනින් එහි ප්‍රතිඵල ගෙන දෙනවා. ඔබට වමනය යන්න පුළුවන්. එහෙත් සෞඛ්‍යයට වන හානිය ඉතාමත් අඩුයි. එහෙත් කෘෂි රසායන යොදන ලද ආහාරවලින් ඔබ මිය යන්නේ ටිකෙන් ටික. එය කාටවත් දැනෙන්නේ නැහැ. 

මේ අභියෝග සියල්ල මැද අපි ඉදිරියටත් කාබනික බෝග වගාව දිරිමත් කරන්න කටයුතු කරනවා. කාබනික හා සම්ප්‍රදායක ගොවි කර්මාන්තයේ යෙදෙන ගොවීන් දිරිගැන්වීමට කටයුතු කරනවා. කාබනික බෝග වගාවෙන් අස්වැන්න අඩු බවට බොරු මතයක් ගොඩනගා තිබෙනවා. එවැන්නක් නැහැ. කෘෂි රසායනවලට වඩා හොඳ අස්වැන්නක් කාබනික වගාවෙන් ලබාගන්න පුළුවන්”

මෙහිදි අදහස් දැක්වූ ‘බයෝ ෆුඞ්ස්’ පෞද්ගලික සමාගමේ සන්නාම තානාපතිනි ඔටාරා ගුණවර්ධන මහත්මිය මෙසේ කීවාය.

“අපි ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක්. සොබාදහම සහ සම්බන්ධ කෘෂි කර්මාන්තයක් අපට තිබෙනවා. අපි පරිසරය හා සම්බන්ධව ගොඩනැගුණු රටක්. එවැනි රටක් කෘෂි රසායන භාවිත කරන බෝග වගාවට යොමු වුණේ කොහොමද කවද්ද කියන දේ ප්‍රශ්නයක්.

අපි කොහොමද එය කරන්නේ. අපි අප විසින්ම අපේ සිරුර තුළට රසායන දාගන්නවා. අපි කියන්නේ අපි කන දේවල්. අපි ගොඩනැගෙන්නේ අපි කන බොන දේවල්වලින්. අපේ සිරුර ඇතුළේ තියෙන්නේ අපි කන දේවල්. එහෙම නම් ඇයි අපි අපේ සිරුරට වස විස එකතු කරගන්නේ ?

සෞඛ්‍ය සම්පන්න වීමට නම් සෞඛ්‍ය සම්පන්න වස විස නැති ආහාර ගන්න ඕනේ. ඒ නිසා ‘බයෝ ෆුඞ්ස්’ සමාගමේ කටයුතුවලට මම සහාය දෙනවා. ඒ වගේම වද හිංසාවෙන් තොර ආහාර කර්මාන්තයක් කෘෂි කර්මාන්තයක් වෙනුවෙන් ද මෙම පෙනි සිටිනවා. අපේ ජීවන රටාව වෙනස් වෙලා. නරක අතට වෙනස් වෙලා. එහෙත් අපි නැවතත් අපේ ජීවන රටාව වෙනස් කරගන්න ඕනේ. සොබාදහමට අනුකූල සෞඛ්‍ය සම්පන්න වගේම වදහිංසාවලින් තොරව ජීවන රටාවට නැවතත් වෙනස් විය යුතුයි”.

බයෝ ෆුඞ්ස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන අලෙවි කළමනාකාරිණි මධූෂා රණසිංහ මහත්මිය ද මෙහිදි අදහස් දැක්වූවාය.

“අපි ඉදිරියේදී කාබනික බෝග නිෂ්පාදන 40කට වැඩි සංඛ්‍යාවක් හඳුන්වා දෙන්නවා. සෞඛ්‍යයට හිතකර රසායනික යොදා නොගත් නිෂ්පාදන. පොල්, තේ, කුළු බඩු නිෂ්පාදන ඒ අතරින් ප්‍රමුඛත්වයක් ගන්නවා.

ඊට අමතරව අපි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පෙළක් ද දියත් කරනවා. කාබනික නිෂ්පාදන වස විස නැති නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම එවැනි නිෂ්පාදන තෝරාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අපි ජනතාව දැනුවත් කරනවා”.

බයෝ ෆුඞ්ස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි ලිලන්ති හේරත් මහත්මිය ද මෙම මාධ්‍ය හමුවට එක්වූවාය.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (6)

කාබනික බෝග වගාවට අභියෝග රැසක්

ruwan kotuwelle Friday, 24 August 2018 08:46 PM

කිසිම විදියක පොහොර සහනාධාරයක් නොතිබිය යුතුයි. මිනිසුන් දැනුවත් කල යුතුයි.. පොහොර යනු ආණ්ඩු පෙරලන වචනයකි .

:       137       150

sam Friday, 24 August 2018 09:59 PM

කාබනික බෝග වගාව හා පරිභෝජනය දිරිගැන්වීම ඉතාම හොඳ දෙයක්. නමුත් මේ පහත කියමන ඉතාමත්ම වැරදියි. "අනෙක් අතට කාබනික බෝග වගාව දිරි ගැන්වීමට සහාය දෙන අතරවාරයේදීම රජය කෘෂි රසායන පදනම් කරගත් කෘෂි කර්මාන්තයටත් එම ගොවීන්ටත් සහන දෙනවා" ලංකාවේ පමණක් නොවේ , මේ ලෝකයේම කෘෂි රසායන මත පදනම් වූ මහා පරිමාණ වගාවන්ට දෙන සහනාධාර කපා හැරියොත්, ඒවායින් බඩගින්න නිවාගෙන ජීවත් වන අති බහුතරයක් වූ දුප්පත් ජනතාවට බඩ ගින්නේ මියයන්න වෙනවා. ආචාර්ය සරත් රණවීර මහතාගේ ඉහත කියුම මට මතක් කරවන්නේ ' මාරි ඇන්තෝනෙට්' රැජිනගේ කියමනයි...

:       121       127

Sanju Saturday, 25 August 2018 02:45 AM

හරිම අගය කළ යුතු දෙයක්... කරුණාකරලා මේ ආයතනය හා සම්බන්ධ වෙන්න කැමැති දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර ටිකක් දෙන්න.

:       0       16

vernon Saturday, 25 August 2018 05:48 PM

ලංකාවේ අදත් එදත් ලබා දෙන පොහොර සහනාධාරය විනාශයක්. පාරිභෝගිකයාට අඩු මිලට ලැබෙන්නේ නෑ වගේම හැමදාම ගොවියා ලෙස පෙනී සිටින දිළින්දාටත් සෙතක් නෑ. මොකද මේ සහනාධාරය මුදල් ලෙස යන්නේ ලංකාවට පොහොර ගෙන්වන බහුජාතික සමාගම් කීපයකට. පලිබෝධ නාශක පවා ගෙන්වන්නේ බහුජාතික සමාගම් කීපයක්. සමහර කෘෂිකර්මය කරන පැතිවල රසායන භාවිතා කරන කාලවල ඒ ළඟින් පාරවල යන්නත් බෑ.

:       0       13

JayasriSunday, 26 August 2018 06:24 AM

ඔහු ගොවියෙක් නෙමෙයි. පොහොර යොදන්නේ නැතිව එළවළු වවන්නේ කොහොමද?

:       6       0

Asanka Sunday, 26 August 2018 09:37 AM

මොකක් කලත් වැඩක් නැහැ. බහුතරය කැමැත්තෙන් විස රසායන යෙදූ එළවලු, පලතුරු කන්න කැමතියි නම්...

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 767 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1189 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site