(බුද්ධික කුමාරසිරි)
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් මිලදී ගත් සැමන් ටින් එකක් තුළ රබර් පටි කිහිපයක් තිබූ බව පවසමින් එම සැමන් තොග ලබා ගත් පිටකොටුව 4වැනි හරස් වීදියේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 2ක කප්පමක් ගැනීමට පැමිණි බව කියන තිදෙනකු අද (23) අත් අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි.
තමන් මිලදී ගත් සැමන් ටින් එකක රබර් පටි කිහිපයක් තිබූ බව පවසමින් මෙය කිසිවෙකුට නොපැවසීමට හා පාරිභෝගික සේවා අධිකාරියට නොදන්වා සිටීමට නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දෙන ලෙස ඇමතුමක් ලැබුණු බවට අදාළ ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය වැටලීම කර ඇත.
ව්‍යාපාරිකයා ලෙස වෙස්වලා ගත් පොලිස් නිලධාරියෙකු එහි ගොස් මෙම සැකකරුවන් තිදෙනා සමග කප්පම් මුදල පිළිබඳ සාකච්ඡා කර රුපියල් ලක්ෂ එකහාමරක් දක්වා එම මුදල අඩු කර ගැනීමෙන් පසු මුදල් ලබා ගන්නා අතරතුර දී සැකපිට අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.