
වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට තිබී බෝම්බ දෙකක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වූ බව පැවැසෙයි.
මෙම බෝම්බ ‘පයිප්ප’ බෝම්බ යැයි ද පොලිසිය පවසයි. පයිප්ප බෝම්බයක් යනු කුඩා පයිප්ප කොටසක පුපුරන ද්‍රව්‍ය අටවා සකසන බෝම්බය. මෙවැනි බෝම්බ නිවසේ දී පවා ඇමෝනියම් නයිටේ්‍රට් වැනි රසායනික පොහොර භාවිතයට ගනිමින් නිපදවීම කළ හැකි යැයි බෝම්බ විශේෂඥයෝ පවසති.
කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට තිබී. පයිප්ප බෝම්බ බෝම්බ විශේෂඥයන් විසින් නිෂ්ක්‍රීය කර රැගෙන ගිය බව ද වොෂින්ටන් පොලිසිය කියයි. ඇමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලය එසේත් නැතිනම් පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ මෙම කැපිටල් ගොඩනැලිලේය.
වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, පසුගිය නොවැම්බර් 3 ජනාධිපතිවරයෙන් ලැබූ පරාජය ප්‍රතික්ෂේප කරද්දී, ඔහුගේ උසි ගැන්වීමෙන්, ඔහුගේ ආධාරකරුවෝ කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී එය අත්පත් කර ගැනීමට කටයුතු කළහ.
කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී, කලහ කරමින්, පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් එම සුදු අන්තවාදී විරෝධතාකරුවන් පයිප්ප බෝම්බ සහ රසායනික දියර බෝම්බ රැගෙන විත් තිබුණි. වොෂින්ටන් පොලිස් නිලධාරීන්ට හමුවී, පසුව බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් විසින් බාර ගනු ලැබූ පයිප්ප බෝම්බ එසේ රැගෙන ආ ඒවාය.
- 066
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd