IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කඳවුරු පවත්වාගෙන යෑම - භට පිරිස් තීරණය කිරීම හමුදාපතීන්ගේ වැඩක්

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

හමුදා කඳවුරු පවත්වා ගෙන යාම සහ බලඇණිවල භට පිරිස් තීරණය කිරීම ඇතුළු හමුදාවල සියලු පරිපාලන කටයුතු සිදුකරනුයේ ඒ ඒ හමුදාපතිවරුන් විසින්යැයිද ඒ පිළිබඳව රජය කිසිදු අතපෙවීමක් සිදු නොකරන්නේයැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය.

අගමැතිවරයා එසේ පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන
මහතා හමුදා කඳවුරු ඉවත් කිරීම සහ හමුදා භට පිරිස් අඩු කිරීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
“අද මේ රටේ හමුදාව පාලනය කරන්නේ හමුදාපතිවරු. ඒ අය ගන්නා තීරණ අනුවයි පාලනය සිදුවන්නේ. යුද්ධ හමුදාවේ ජනරාල් තනතුරු කිහිපයක් තිබෙනවා. කර්නල්, මේජර් ආදී වශයෙන් ද තනතුරු තිබෙනවා. ඒ එකක්වත් අඩුකර නැහැ. ඒ නිසා උසස්වීම්වලට ප්‍රශ්නයක් නැහැ. හමුදා කඳවුරු පවත්වා ගෙන යාමේදී අවශ්‍ය කඳවුරු ගණන හමුදාව අපට කියන්න ඕනෑ. ඒ අනුව අප ක්‍රියාකරනවා. බලඇණි ප්‍රතිසංවිධානය ඕනෑම හමුදාවක සිදුකරන දෙයක්. ලෝක යුද්ධ කාලේ අවුරුදු දෙකින් දෙකට එය කළා. සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම අඩුවුණා. එහෙම අඩුවෙන කොට වැඩි කිරීම සාමාන්‍ය දෙයක්. බි්‍රතාන්‍ය ක්‍රමයට අනුව අපේ බලඇණියක සිටිය යුත්තේ 600යි. ඒ නිසා හයසියයට වැඩියෙන් හිටියොත් අඩු කරන්න ඕනෑ. නැත්නම් ඒ ගණනට ගේන්න ඕනෑ. ඒක හමුදාවෙන් කරන්න ඕනෑ දෙයක්. එය නොකෙරුණා නම් ඒකේ වරද ඊට පෙර නොකරපු එකයි.
අපේ ත්‍රිවිධ හමුදාවටම අද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල යෙදෙන්න පුළුවන්. මීට පෙර ඒ අවස්ථාව තිබුණේ නැහැ. යුද හමුදාව මාලි රාජ්‍යයට යැව්වේ මේ අවස්ථාවේ පමණයි. අපේ හෙලිකොප්ටර් සේරම එහාට අරගෙන යනවා.

ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය හැටියට අද අපේ නාවික හමුදාවට අවධානය යොමුවී තිබෙනවා. යුද හමුදාවේ ප්‍රාග්ධන වියදම්වලින් වැඩි කොටසක් යන්නේ කවුදෝ කෙනෙක් ආරම්භ කළ ගොඩනැගිල්ලකට. මුදල් තියෙන්න ඕනෑ අවි ආයුධ මිලදී ගන්න. මේ අලුත් ආරක්ෂක අමාත්‍යාංශය වුවමනා වුණ එකක් ද? මොකද වුණේ ගාලු මුවදොර තිබුණු හමුදා පිටියට? මේ අලුත් එකට කොච්චර වියදම් වුණා ද? තවම හදනවා. හැම එක්කෙනාම බණිනවා මේ අලුත් ආරක්ෂක ගොඩනැගිල්ල සඳහා වියදම් නොකර ඉන්න තිබුණා කියලා. අද බි්‍රගේඩියර් කෙනෙක් විශ්‍රාම යැවීමට පෙර මේජර් ජනරාල් කෙනෙක් බවට පත් කරනවා. මීට පෙර එහෙම නොවෙයි.

මේ වැඩවලට ජනාධිපතිවත් මමවත් අත ගහන්නේ නැහැ. අපට ඕනෑ හමුදාව ආරක්ෂා කර ඉදිරියට යෑමටයි.
‘ආවා’ කල්ලිය කියන්නේ පොලිසියට මෙල්ල කළ හැකි එකක්. මාධ්‍යයෙන් කිව්වට ඒක ත්‍රස්තවාදී කණ්ඩායමක්
නොවෙයි. ඒක එක තැන වෙඩි තියාගන්න කල්ලියක් නොවෙයි. ඒක නීතිය සාමය පිළිබඳ ප්‍රශ්නයක්. පසුගිය දිනවල  ඒ අමාත්‍යාංශය බාර ඇමැතිත් නියෝජ්‍ය ඇමැතිත් යාපනයේ ගිහින් හිටියා. හමුදාපතිතුමා මට කිව්වා විපක්ෂයේ මන්ත්‍රීවරු මුණගැසී මේ තත්ත්වය පැහැදිලි කරන්න එයා ලෑස්තියි කියලා. අද උදේත් මම ඇහුවා මොකක්ද මේ වෙන්නේ මොකක්ද මේ කරගෙන යන්නේ කියලා.  බලඇණි ප්‍රතිසංවිධානය කරන එක සාමාන්‍ය දෙයක්. බි්‍රතාන්‍ය යුද හමුදාව වගේ එක්ලක්ෂයක හමුදා පිරිස අසූදෙදහට අපි අඩු කළේ නැහැ. එහෙම තීරණ අරගෙන නෑ. මේ කට්ටිය බැඳෙනවා. විශ්‍රාම යනවා. යුද්ධය කාලේ බැඳුනු අය දැන් විශ්‍රාම යනවා. ඒ අයගෙන් පිරිසකට වෘත්තීය පුහුණුව තිබෙනවා. රැකියාවක් කරන්න පුළුවන්. වෘත්තීය පුහුණුවක් නැති පාබල හමුදාවේ සිටි අයට රැකියා සොයා දිය යුතුව තිබෙනවා. යුද හමුදාවේ සුබසාධනය දෙස බලා අපට කිරීමට තිබෙන කටයුතු ඒවායි.”

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවුණාම මේ කාරණා සියල්ලම පැහැදිලි කර දෙනු ඇතැයි ද අගමැතිවරයා කීය. 

 



අදහස් (9)

කඳවුරු පවත්වාගෙන යෑම - භට පිරිස් තීරණය කිරීම හමුදාපතීන්ගේ වැඩක්

Lapaya Thursday, 19 July 2018 04:46 AM

ඒක ඇත්ත් ජනාධිපතියි අගමැතියි කරන්නේ රට විකුණගෙන කන එක විතරයි... .අනිත් ඒවට හෙන ගැහුවත් කමක් නෑ.....

:       815       667

Indhika Thursday, 19 July 2018 04:49 AM

මෙතුමා කියන හැටියට අපේ හමුදාව කරගෙන යන්න ඕනේ දෙවන ලෝක යුද්ධ කාලේ හැටියට සහ පරණ බ්‍රිතාන්‍ය ක්‍රමය අනුව ?

:       716       618

සෙනෙවි Thursday, 19 July 2018 04:59 AM

මෙය බරපතල සහ වගකීම් විරහිත ප්‍රකාශයක්

:       827       1009

රජින්ද Thursday, 19 July 2018 05:02 AM

ඔව්..! ඒක හමුදාපතිගේ වැඩක් උනාට ඒවා අයින් කරන්න ඕඩර් එක දෙන්නේ කවුද දන්නේ නැහැ. හයියෝ මේවට කොහෙන් හිනා වෙන්නද.?

:       820       689

ranga Thursday, 19 July 2018 05:16 AM

මොනවද මේ කියන්නේ, මෙයාගේ ගජ මිතුරා ගැනත් කිව්වේ ඕකම තමා අන්තිමට උනේ මොකක්ද ? මම දන්නේ නැහැ ,මට ගෙන්න බැහැ කිව්වා නේද ?

:       855       902

janatha anura Thursday, 19 July 2018 05:41 AM

ඔව් ඔව් එහෙම නැතිව මට ඡන්දෙ දෙන්න දෝෂාභියෝග පරද්දන්න දුන්නු පොරොන්දු නිසා නොවේ කීව නම් අපිට තේරෙනවා මහත්තයෝ

:       242       138

vernon Thursday, 19 July 2018 05:54 AM

හමුදාවල සම්මතයන් හා සම්ප්‍රදායන් තිබෙනවා. සමහර රෙජිමේන්තු ඒ සම්ප්‍රදායන්ටම පතළයි. ලංකාවේ බොහො දුරට හමුදාවේ පමණක් නොව ගොඩාක් ආයතන වල අනුගමනය වන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදයාන්. ඒ වගේම හමුදා ප්‍රතිසංවිධානය ගැන යෝජනා හා නිර්දේශ ලබා ගන්නේ ඒ ඒ හමුදාපතීන්ගෙන් බව තමයි මේ ප්‍රකාශයේ හරය.

:       167       324

abaran Thursday, 19 July 2018 07:21 AM

ඒක ඇත්ත. මහ බැංකුවේ ලොක්කත් වැඩ කරේ එයාට ඕන විදියට....

:       214       442

ramendra Thursday, 19 July 2018 12:18 PM

හමුදාපතිවරුනුත් දේශපාලන පත්වීම් තමයි.

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site