IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


කාන්තා වැසිකිලියේ කැමරා හැංගුවැයි දොස්තරට නඩු

(උපාලි ආනන්ද)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ  කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූ ගත කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකාර වෛද්‍යවරයාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසිය අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීය.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට තරම් අවශ්‍ය කරුණු ඇති බවටත් වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරන ලෙසටත්  නීතිපතිවරයා ලිඛිතව ලබාදී තිබු නීති උපදෙස් අනුව අනුරාධපුර පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය මෙලෙස නඩු පැවරීය.

සැකකාර වෛද්‍යවරයාට ලබන මස 15 වැනි දා අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි පෙනි සිටින ලෙසටද නියෝග කෙරිණ.

එම සි.සි.ටී වී කැමරාවේ දත්ත කොළඔ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ හදිසි ප‍්‍රතිචාර සංසදයට යවා ඒ සම්බන්ධයෙන් ලබාගත් වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.



අදහස් (29)

කාන්තා වැසිකිලියේ කැමරා හැංගුවැයි දොස්තරට නඩු

පිටිගල මිලානෝ Tuesday, 08 August 2017 10:12 AM

මෙයා සයිටම් ද නැත්නම් මනා ආචාරධර්ම ඇතිව දොස්තරලා බිහි කරනවා කියන විශ්ව විද්යාලයකින් පැමිණි කෙනෙක්ද?

:       828       965

Prasanna Tuesday, 08 August 2017 10:18 AM

ප්‍රමිතියෙන් උසස් රජයේ වෛද්‍යය විද්‍යාලයක උගත් වෛද්‍යවරයෙක්. ලංකාවේ වෛද්‍යය උපාදියට අවශ්‍ය Z Score පමණකි. විදේශ රටවල අද්‍යාපනය සුදුසුකම් එක මිනුම් දණ්ඩක් පමණි. SAITM එකට සම්බන්ද කෙනෙක් නම් අද විශාල මාද්‍යය සංදර්ශන වලින් පිරෙනු ඇත.

:       681       819

රුවන් Tuesday, 08 August 2017 10:24 AM

එතකොට දැන් සයිටම් හොදයි ද

:       327       546

disanayaka Tuesday, 08 August 2017 10:33 AM

මොකවත් කියන්න එපා. මෙයා අර අදික අචාරධර්මවලින් පිරිපුන් සහ ඉහල ගනයේ ගුණාත්මක දොස්තර අධ්‍යාපනයක් ලැබූ රජයේ විද්‍යා විද්‍යාලයක දොස්තර කෙනෙක්. මෙයාට නඩු දැම්මොත් එකටත් ඔක්කොම එකතුවෙලා වර්ජනයක් පටන් ගනියි.

:       0       0

d.upul Tuesday, 08 August 2017 10:45 AM

මේක අලුත් කලාවක්. උසාවි යන්න ඕනේ නැහැ අනේ.

:       0       0

chandana Tuesday, 08 August 2017 10:46 AM

ප්‍රමිතිය......

:       0       0

ලුම්බිණි Tuesday, 08 August 2017 10:53 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ටිකක් ලැජ්ජයි නේද?

:       0       0

Banda Tuesday, 08 August 2017 11:01 AM

නෑ නෑ දොස්තර මහත්තය කායික නාරි විද්‍යාව තව දුරට හදාරන්න ඕනේ හින්දනේ ඕක කරලා තියෙන්නේ. හරියටම බලාගන්න ඕනෙයි කියන්නේ.

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 08 August 2017 11:06 AM

කෝ මේ අන්තරේ එන්න කෙකර ගාලා දන්නා බිත්තරේ ප්‍රමිතිය cctv කාචයේ

:       0       0

sanjeeva Tuesday, 08 August 2017 11:16 AM

ෂුවර් මෙය නම් SAITM .. GMOA නම් වෙන්න බැහැ.. එකේ ඉන්නේ හරි සුන්දර මනුස්ස කොට්ටාශයක් නෙහ්

:       0       0

kumar (galf) Tuesday, 08 August 2017 11:18 AM

මේ නම් ස්ය්ටම් කාරයෙක් වෙන්න බෑ, එයාලා ඉගෙනගන්නේ විනයක් ඇතිව, එයාලට අන්තරේ කඩිකුලප්පුව නැනේ.

:       0       0

gama Tuesday, 08 August 2017 11:22 AM

හෙට අනිද්දට ඩොක්ටර්ට කලින් අපිට බලන්න පුළුවන් වෙයි BMIC යැව්වානම්.

:       0       0

Appuhami Tuesday, 08 August 2017 11:23 AM

වෛද්‍ය සංගමය මේකට විරුද්දව පෙළපාලියක් යනවද, එහෙම නෙතිනම් සංකේත වර්ජනයක් කරනවද

:       0       0

නුමා Tuesday, 08 August 2017 11:39 AM

අනේ මන්ද, අන්තර්ජාලය මෙතරම් වේගවත් කාලෙත්, CCTV අමුනගෙන දුක් විඳිනවා. දොස්තර මහත්මයා සරසවියේ ඉන්න කාලේවත්, පරිගණකයක්/අන්තර්ජාල භාවිතය ගැන දන ගන්න යාලුවෙක් හිටියේ නැතිද. පොඩ්ඩක් වෙදකමෙන් ඉවත් වෙලා බලන්න. ලෝකේ වෙනස් වෙලා. අන්තර්ජාලයේ බොහොම පහසුවෙන් ඔය බලන්න දඟලපුව හොයාගන්න පුළුවන්. ලංකාව ලෝකේ අංක එකටත් ඇවිත් තිබෙන එකේ.

:       0       0

ravin Tuesday, 08 August 2017 11:45 AM

වෙදවරු අතරත් රටේ වෙද්දු ඉන්නවා. මානසික රෝගීන් නිදැල්ලේ හැසිරෙනවා . මොහුව වහාම මනෝ වෛද්‍ය වරයකුගේ ප්‍රතිකාර සඳහා යොමුකරන්න.

:       0       0

Naradha Tuesday, 08 August 2017 12:20 PM

අවරුදු 5 ක වෛද්‍ය අධ්‍යාපනයේ, කුමන වසරේද මේ අයට වැසිකිලිවල සී.සී.ටී.වී කැමරා සවි කිරීමට උගන්වන්නේ?

:       0       0

chamal Tuesday, 08 August 2017 12:22 PM

පදෙනියලට වර්ජනය කරන්න තවත් අවස්ථාවක්.

:       0       0

සමන්-ඕමානය Tuesday, 08 August 2017 01:13 PM

අපොයි දෙය්යනේ, මෙච්චර උතුම් වෛද්‍ය වෘත්තියටත් නොහැදිච්ච නොසන්ඩාල මිනිසුන් රිංගලානේ. මේවගේ උන්ගෙන් වෙන්නේ මුළු වෛද්‍ය සංහතියටම අපකීතියක්. උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       0

Bimal Tuesday, 08 August 2017 01:20 PM

දැන් එතකොට මේකටත් වැරදි සයිටම්ද ?

:       0       0

Achira Tuesday, 08 August 2017 03:11 PM

අනේ මන්ද මේ දොස්තරලා තමන්ගේ රාජකාරිය පෙත්තකින් දාලා මේ කරන අමන වැඩ ඩෙංගු රෝගයට එකම බෙහත වන ගස්ලබු කොළ ඉස්ම රෝගීන්ට දෙන්න එපා කියනවා පර සුද්ද බෙහෙත් හදල එවනකම් කට අරන් බලාගෙන ඉන්නවා

:       0       0

Perakum Tuesday, 08 August 2017 04:15 PM

ඇයි අර මීගමුවේ ඉස්පිරිතාලේ සිද්ධියට සම්බන්ධ උනෙත් ඔය කියන ආචාර ධර්ම තියන දොස්තර උත්තමයෙක් නේද?

:       0       0

raveendra Tuesday, 08 August 2017 05:22 PM

නැහැ මෙඋන්නහේ මේසන්(M) බාස්ට (B) බධාම (B) සප්ලඊ (S) කරනවා . එකඊ camera සවිකරන්න වැඩ පුරුදුවෙන්නේ.

:       0       0

dasa Tuesday, 08 August 2017 06:23 PM

දැන් මේ දොස්තර අහවි මොනාද CCtv කියන්නේ මම නම් දන්නේ නැහැ කියල.

:       0       0

roshan Wednesday, 09 August 2017 02:21 AM

ඇයි නරක ......රටට අවශ්‍ය දේ එකය්.....දොස්ටරලට උවමන නොවුනට

:       0       1

kithsiri Wednesday, 09 August 2017 03:27 AM

වෛද්‍යවරයකු මානසික ව්‍යාකූලතා සහිත වීම ඔහුගේ අධ්‍යාපනයේ ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. කොතරම් උගතෙකු වුනත්, මානසික රෝගියෙකු වීමට ඉඩ තියනවා. මෑතක දී වෙදෙස් රටක වෛද්‍යවරයකු අනවශ්‍ය සැත්කම් රාශියක් සිදුකර වරද කරුවකු වුනා මතකයි. මේ ප්‍රශ්නය සයිටම් හා සම්බන්ධ කිරේම උචිත් නැහැ.

:       100       50

maheeWednesday, 09 August 2017 08:49 AM

ලෙඩ්ඩු මළත් කමක් නැහැ. අපේ බමුණු කුලය රැකුණොත් ඇති කියලා හිතන එක නම් මානසික ව්‍යාකූලතාවයකි. අධ්‍යාපනයයි, ප්‍රමිතියයි කියන දෙකේම ප්‍රශ්නයක් වෙන්න ඕනෑ.

:       1       0

gunawardana Wednesday, 09 August 2017 03:59 AM

අහුඋනේ මෙච්චරයි තව මොනවා කරල අැතිද මුන් තමයි අහිංසක ලෙඩ්ඩු මරන්ෙන් මන්ට දෙන්න තියෙන ලොකුම දඬුවම් දිය යුතුයි

:       20       40

rohana Wednesday, 09 August 2017 04:09 AM

සයිටම් පටන් ගත්තේ 2011 ඒ කාලේ කවුද ඕකට විරුද්දව කතා කලේ .

:       19       103

Deepal Nirosh Wednesday, 09 August 2017 06:27 AM

එතකොට කවුද මේ වෛද්‍යවරයා රජයේ රෝහලක සේවයට සුදුසුයි කියලා ප්‍රමිති සහතිකය දුන්නෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අද පස්වරුවෙත් පළාත් රැසකට තද වැසි
2025 මාර්තු මස 17 125 0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මැතිසබේ සුපිරි වාහන වෙන්දේසියට
2025 මාර්තු මස 17 542 0

පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බා


පුලතිසි ‘‘මෙගා බ්ලාස්ට්‘‘ බ්ලාස්ට් කරලා
2025 මාර්තු මස 16 737 0

මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට පැමිණි ගායකයකු ගීත ගායනය නොකර වේදිකාවෙන් බැස යාම හේතුවෙන් කෝපයට පත්වූ රසිකයන් පිරිසක් එම ස්ථානය


‘‘88 -89 හිටපු අනිත් කල්ලි ගැනත් හොයමු‘‘
2025 මාර්තු මස 16 1473 0

අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැව



ගංගාරාමයෙන් ගැබිණි මවුනට වියලි ආහාර:දරුවන්ට පොත්
2025 මාර්තු මස 16 475 0

බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි (ඕතඩොක්ස්) සමාජ සේවා වැඩසටහනේ පියවරක් ලෙස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගැබිණි මව්වරුන්ට වියළි ආහාර සහ උපකරණ ද, ප්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 319 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 760 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 293 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site