IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කාන්තා පොලිස් තනතුරු ඉහළට

(බිඟුන් මේනක ගමගේ)
 
පොලිස් කොස්තාපල් සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දක්වා නිලයන්හි කාන්තා නිලධාරිනියන් සංඛ්‍යාව සමස්ත නිලධාරින් සංඛ්‍යාවෙන් 15% දක්වා ඉහළ දැමීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.
 
පොලිස් සේවයේ නිලධාරින් සමඟ සංඛ්‍යාත්මකව සසඳද්දී නිලධාරිනියන්ගේ සංඛ්‍යාව ප්‍රමාණාත්මක නොවන බැවින් මෙවැනි තීරණයක් ගත් බව එම කොමිෂන් සභාව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
 
සමස්තයක් වශයෙන් ගත්කල ද පොලිස් සේවයේ කාන්තා නියෝජිතත්වය තිබෙන්නේ අඩු මට්ටමක බවත් කාන්තාවන්ගේ හා ළමයින්ගේ ප්‍රශ්නවලට පියවර ගැනීමේදී කාන්තා පොලිස් නියෝජනය අතිශය වැදගත් බව ද එහි සඳහන් වේ.
 
ඒ අනුව කාන්තා නිලධාරිනියන්ගේ සේවක සංඛ්‍යාවෙහි පවත්නා අසමතාව තවදුරටත් අඩු කිරීමටත් උසස්වීම් සඳහා අවස්ථා සහතික කිරීමටත් විශේෂ උත්සාහ ගැනීම අත්‍යවශ්‍ය බව ද පොලිස් කොමිසම සඳහන් කරයි.
 
විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර හා මධ්‍යම පළාත්වලට දෙමළ භාෂාව කතා කරන නිලධාරිනියන් ප්‍රමාණවත් පරිදි ලබාදීමට ඒ යටතේ අවධානය යොමුකර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.
 
කාන්තා පොලිස් පරීක්ෂක ධූර 50 කින් ද කාන්තා පොලිස් අධිකාරි ධූර 7 කින් ද වැඩි කිරීමට පොලිස් කොමිසම පසුගිය කාලයේදී පියවර ගත් බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ



අදහස් (1)

කාන්තා පොලිස් තනතුරු ඉහළට

Raveendra Tuesday, 29 January 2019 11:16 AM

බොහොම හොද තීරණයක්. අප විශ්වාස කරනවා පොලිස් දෙපාර්තුමේන්තුවේ සෑම අංශයකටම කාන්තාවන්ගේ දායකත්වය ලබා ගන්නේනම් යහපත් බවට. විශේෂයෙන් ආරක්ෂක හේතුන් මත කාන්තාවන් පරික්ෂා කිරීමේ ක්‍රියාවන්වලට මොවුන්ගේ සේවය වඩාත් වැදගත් වනු ඇත.

:       49       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site