(විනීතා එම් ගමගේ)

කොන්ත‍්‍රාත් පදනමින් සේවය කරන සේවකයින් සියලූ දෙනා ඉදිරි වසර හතර ඇතුළත ටෙලිකොම් ආයතනයට බඳවා ගන්නැයි කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා ටෙලිකොම් පාලනාධිකාරියට යෝජනා කර ඇත.

ටෙලිකොම් හි පවතින සේවක ආරවුල විසඳීමේ තීරණාත්මක සාකච්ඡාවක් මේ  ලබන 14 වැනි දා කම්කරු අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී මේ පිලිබඳ තීරණය දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා ටෙලිකොම් සමාගමේ පාලනාධිකාරියට දැනුම් දී තිබේ.

මේ වන විට පවතින වසර පහක බඳවා ගැනීමේ කාලසීමාව වසර 3 දක්වා අඩු කරන්නැයි වෘත්තිය සමිති නියෝජිතයින් විසින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම යෝජනාව කර ඇත.