(සිරංගිකා ලොකුකරවිට)
අහංගම කතලුව පෑලැස්ස ප්‍රදේශයේ ඉදිකරමින් පවතින පස් මහල් ගොඩනගිල්ලක් අද (18) උදෑසන කඩාවැටීමෙන් පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා ඇති බව අහංගම පොලිසිය පවසයි.
සුන්බුන් වලට යටවූ පුද්ගලයකු ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය,යුද හමුදාව හා ආපදා කළමනාකරණ එ්කකය එක්ව බේරාගැනීමට කටයුතු කළේය.
තුවාල ලැබූ අය කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව අහංගම පොලිසිය පවසයි.





COMMENTS
අහෝ ජරාවට හා බලයට යටත් වූ ලංකාවේ ප්‍රමිතිය...
වාස්තු විද්‍යාඥයත් බාස්, ඉන්ජිනේරුවත් බාස්, පයිප්ප කාරයත් බාස්, වයරින් කරන්නෙත් බාස් වුනාම මෙහෙම වෙනවා. අයිතිකාරයා කරන්නේ ගොක්කොල වට්ටියක් ඉඩමේ සාදා කට්ටන්ඩි රාළව ගේනවා භූතයන් එළවීම...
අදාළ පලාත්පාලන ආයතනයේ ගොඩනැගිලි අංශයේ කාර්මික නිලධාරීනුත් 'බාස්ලා' උනාම මෙහෙම වෙන එක පුදුමයක් නොවෙයි.
හදන්නන් වාලේ, හතු පිපෙනවා වගේ උස ගොඩනැගිලි ඉදිකිරීම දැන්වත් නියම ප්‍රමිති වලට යටත්ව කලයුතු වෙනවා. ශ්‍රී ලංකාව එහෙම ප්‍රමිති කාර්යාලයක් තිබෙනවාදත් කියා සැකයි, දැනට කඩාවැටි ඇති උස ගොඩනැගිලි ගණන සලකා බලන විට ! මෙම ගොඩනැගිල්ල ඉදිකරන්න පටන් ගත්තේ සංචාරක හෝටලයක් සඳහා කියා ආරංචියකුත් පසුගිය දිනවල මේ "භුමිකම්පාවෙන්" පස්සේ පැතිරී ගියා. සංචාරකයින් ආවට පස්සේ මේ අට්ටාලය පොළොවට පහත් උනා නම් ... "කොරේ පිටට මරේ තමා" !!!