IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කතරගම සංවර්ධනයට කෝටි 50 ක්

කතරගම නගර සංවර්ධනයට රුපියල් ලක්ෂ 5000  ක්  වැය කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඓතිහාසික සෙල්ලකතරගමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ඉදිකෙරෙන විවේකී උද්‍යානයේ අවසන් අදියරේ වැඩකටයුතු නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


 ඒ අනුව කතරගම නගර සංවර්ධනය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 50 ක වියදමින් මෙම විවේකී උද්‍යානය ඉදිකරනු ලබයි. 
වැඩිදුර අදහස් දැක්වු අමාත්‍යවරයා  මෙසේද පැවසීය


‘කතරගම හා ඒ අවට ප‍්‍රදේශයට ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි විශාල සංවර්ධනයකට  අපි ගෙනවිත් තිබෙනවා. විශේෂයෙන්ම  මේ තැන තැන තිබූ කඩසාප්පු එක ප‍්‍රධාන මධ්‍යස්ථානයකට අරගෙන කඩ 300 කට අධික ප‍්‍රමාණයක් ඉදිකරන්න අද නාගරික සංවර්ධන අධිකාරිය ක‍්‍රියාකරගෙන යනවා.
ඒ වගේම අපි ඉදිරි කාලයේදී කතරගම - සෙල්ලකතරගම යන ස්ථාන දෙකේම භූ දර්ශනය විධිමත් කරලා සංවර්ධනය ඉදිරියට ගෙන යමින් සිටිනවා. වැඩහිටිකන්ද ප‍්‍රදේශයත්, වැව ප‍්‍රදේශයත් භූ දර්ශන කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ලබන වසර වන විට කතරගම ප‍්‍රදේශයේ වසර ගණනක් තිබූ ගැටළු විසඳෙනවා.


ඒ අතරේ විවිධ ගැටළු, දේශපාලනමය වශයෙන් කඩ අහිමිවෙච්ච අය, නැතිනම් වෙනත් ආකාරයට ප‍්‍රශ්න මතුවෙලා තිබෙන අයගේ ප‍්‍රශ්න කිසිම දේශපාලන භේදයකින් තොරව විසඳන්න අපි කටයුතු කරනවා. අපිට කිසිම පක්ෂ බේදයක්, ජාති, ආගම්, කුල භේද නැහැ. 


විශේෂයෙන්ම මේ වෙළඳාම් කරන්නේ විශාල ධනයක් හිමි අය නෙමෙයි. මේ ප‍්‍රදේශ ඉතාමත්ම අවවරප‍්‍රසාදිත ප‍්‍රදේශ. එහ ජනතාවට මෙහෙවර කිරීම සඳහා කිසිම දේශපාලන බේදයකින් තොරව, අයුක්තියට යම් පිරිසක් ලක්වෙලා සිටිනවාද එම පිරිස් යුක්තිය ගෙනඒමේ වැඩසටහනකට ගෙන එමින් පක්ෂ බේදයෙන් තොරව කටයුතු කරන්න අපි කැපවෙනවා.


එහි සංඛේත තමයි ප‍්‍රාදේශීය සභාවේ සභාපතිතුමත්, විපක්ෂ නායකතුමත් දෙන්නම අද මේ වැඩපිළිවෙල ඉදිරිය ගෙන යන්න අපිත් සමග අත්වැල් බැඳගෙන සිටිනවා. කතරගම සම්ප‍්‍රදායක භුමියේ  ඕන තැනක මඩු හදාගෙන කඩ කරන්න අයිතිය තිබෙනවා. ඒ ආකාරයට අපට කටයුතු කරන්න අයිතිය තිබෙනවා කියා. නමුත් සමාජය දියුණු වෙමින් ඉදිරියට යනවිට අපේ පුද භූමිය, සම්ප‍්‍රදාය කියන්නේ පරණ පුරුදු අරගෙන එන එක නෙමෙයි. සම්ප‍්‍රදාය ආරක්‍ෂා කර ගන්නා ගමන් විධිමත් භාවයත් අපි ඇතිකර ගත යුතුයි.


එනිසා ඉදිරි කාලයේදී අපි නාගරික සංවර්ධන අධිකාරියෙන් මෙම ප‍්‍රදේශයේ තිබෙන වැසිකිලි කැසිකිලි ගැටළු විසඳීමට ලබන වසර වන විට අපි කටයුතු කරන බව මෙම අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. මෙය දැන් දියුණු රටක්, මේ දියුණු රටට අවශ්‍ය විදිහට අපි කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ හුඟ දෙනෙක් දුප්පත්කම ගැන කතා කරද්දි උතුර, නැගෙනහිර වතුකරය වගේ ප‍්‍රදේශ වෙත අවධානය යොමු කරනවා.

නමුත් 2012 සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට දුගී වැසියන් වැඩිම ප‍්‍රමාණයක් ජීවත්වන ප‍්‍රදේශය මොණරාගල දිස්ත‍්‍රික්කය. දුගීකමේ දර්ශකය ගත්තහම දවසකට එදිනෙදා ජීවිතය ගෙනයන්න අවශ්‍ය කරන අවම කැලරි ප‍්‍රමාණය නොලැබෙන ජනතාව 6% ක් පමණ ඉන්නවා. මොණරාගල එම ප‍්‍රතිශතය 15% ක්. 


මෙරට තිබෙන වැඩිම ප‍්‍රතිශතය 1/5ක්. ඒ කියන්නේ මූලික පෝෂණය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දිස්ත‍්‍රික්කය අපි විශේෂ අවධානයකින් යුතුව ගොඩනැගිය යුතුයි. 

(36698)



අදහස් (1)

කතරගම සංවර්ධනයට කෝටි 50 ක්

kalani Wednesday, 25 July 2018 03:26 AM

කතරගම මහා දේවාලයට බැතිමතුන් පුජා කරන දහසින් බැඳී පියලිවලින් අඩු තරමින් කතරගම පුජා භුමිය සංවර්ධනය කර ගැනීමට ප්‍රාදේශීය සභාව සමඟ එක්ව කටයුතු කළ නො හැකිද?

:       8       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site