විනීතා එම් ගමගේ
රුහුණු මහා කතරගම දේවාලයේ කපු තනතුර පද්මසිරි රංජිත් අදිකාරම් මහතාට දෙන්නැයි ලබා දී ඇති අධිකරණ තීන්දුව වත්මන් කපු තනතුර දරණ තැනැත්තන් පිළිනොගන්නා බැවින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ යළි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව නීතිඥ කැලූම් කුමාරසිංහ මහතා පැවැසීය.
අධිකරණ තීන්දුව අනුව මාසයක් තේවා කටයුතු භාර ගැනීම සඳහා බස්නායක නිලමේ දිල්රුවන් රාජජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ ඒ මහතා තේවා මාසය සඳහා පත්වීම් ලිපිය හා රුපියල් දෙකයි අසූදෙකක සිරිත් පඩිය ද භාරදුන් බවත් යතුරු භාර දෙන්නැයි දැනට කපු තනතුරේ කටයුතු කරන තැනැත්තාට දැනුම් දුන් විට ඔහු එය ප‍්‍රතික්ෂේප කළ බවත් කුමාරසිංහ මහතා කීය.
පණිවිඩට රැගෙන ගිය දේවාලයේ පණිවුඩකරුට ඔහු පවසා ඇත්තේ පැවැති අධිකරණ කටයුතුවල තමන් පාර්ශවකරුවෙකු නොවන බැවින් එකී අධිකරණ තීන්දු තමන් පිළිගැනීමට තමන් බැඳී නැති බව යැයි ද ඒ අනුව තම සේවා දායකයා කතරගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සටහන් කර පැමිණි බවත් නීතිඥවරයා පැවැසීය.
නීතිඥ කුමාරසිංහ මේ අදහස් පළ කළේ මහ කතරගම දේවාලයේ පවතින තත්ත්වය පිළිබඳ මාධ්‍යයට කරුණු දැක්වීම සඳහා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (15) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී අදහස් දැක්වූ අදිකාරම් කපු මහතාගේ පුතාවන අනුරාධ අදිකාරම් මහතා අදහස් දක්වමින් පැවැසුවේ දේවාලයේ පඬුරු පිළිබඳ විගණනයක් සිදුකරන ලෙස විගණන කොමිසමට පැමිණිලි කරමින් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව යි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ටත් රණ්ඩු කර ගන්න අපේ ඇත්තෝ.
සූත්තර කපුවන් එපා. දෙවියන් අදහන්න ඉඩ සලසන්න.
බැතිමතුන් පුදපඬුරු නොතබා පුදපූජා කලොත් මෙම ප්‍රශ්නය විසඳේවි. කපුවන්ගේ කාකොටා ගැනීම් නැවතීමට එහෙම කරමු
දේශපාලකයින් යහපාලනය, ධර්මිෂ්ඨ සමාජය, සුබ අනාගතය වැනි සංකල්ප කැරට් අල පෙන්වමින් ඇස් තිබුණත් නොපෙනෙන ජනතාව රවටති. මිත්‍යාව වපුරන්නෝ නොපෙනෙන බලවේග පෙන්වමින් ඔවුන්ව තව දුරටත් අන්ධකාරයේ දක්කාගෙන යති.
වැස්ස, විදුලිය කෙටිම, රූස්ස වෘක්ෂ ලතා, කෙටියෙන් ස්වාභාව ධර්මය, මුල්ම මානවයා දේවත්වයෙන් සලකා වන්දනාමාන කිරීම තවමත් මිනිස් සිතෙන් ඉවත් වී නැහැ. නමුත් විද්‍යා තාක්ෂණයෙන් දැවැන්ත ජයග්‍රහණ ලබන අපි පවතින සියලු කොන්දේසිවලට එකඟවීම නොවී ඒවා ප්‍රශ්න කළ යුතු වෙමු. කෙසේ වෙතත් බහුතරයක් දේවත්වය පිළිගන්න බැවින් අපි සරලව කතා කරමු. බුදු හිමියන්ගේ පාද ස්පර්ශය ලද කිරි වෙහෙර පුද බිමේ , කතරගම දෙවියන්ට ඇසෙන පෙනෙන මායිමේ තුවක්කු පත්තු වෙයි. ඒ මුදල් සඳහාය. දෙවියන් සිටිනු ඇත්තේ තිර හතක් ඇතුළත අඳුරුකුටියක මිස එළිමහන් වේදිකාවේ නොවේ. අපේ බුද්ධිමය වෑයම් තුළ අපේ නිර්මානාත්මක ප්‍රයාම තුළ දෙවියන් නොසිටින බව ජනතාවට ඒත්තු ගන්වමු. අන්ධ භක්තිය කියන්නේ අපේ ජීවිතය පසුගාමී පැත්තට තල්ලු කරන මෙවලමක්. කපු මහත්වරු දෙවියන් ඉදිරියේ තුවක්කු පත්තු කරන්නේ , නඩු මඟට බසින්නේ, බැතිමතුන් වෙනුවෙන් භාරහාර ඔප්පු කිරීමට නොවෙයි.අපි ඈත්තටම දියුණු චින්තනයක් තිබෙන ජාතියක්ද? අපි අපෙන්ම ප්‍රශ්න කරමු.