IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොත්මලේ වාන් දොරටු 4 ක් විවෘතයි: අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි )                     
                                                   
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ  ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු  හතරක්  මේ වන විට විවෘත කර ඇත.


තව දුරටත් වැසි ලැබෙමින් පවතින බැවින්  එම ජලාශ වේල්ලේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැළකිළිමත්ව සිටින ලෙස එම විදුලි බලාගාරයේ ඉංජිනේරුවෝ ඉල්ලා සිටිති. 


අධික වර්ෂාවත් සමඟ ඩෙවොන් දියඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් ඇති අතර, ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.


නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කදු කඩා වැටි ඇති අතර තව දුරටත් පවතින වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටිමේ අවදානමක් පවතින නිසා එම මාර්ගවල වාහන ධාවනය කිරිමේදි සැළකිළිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


හැටන් නගරයේද අතුරු මාර්ග  කිහිපයක ජලයෙන් යට විම නිසා ජල ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇත.

 



අදහස් (0)

කොත්මලේ වාන් දොරටු 4 ක් විවෘතයි: අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site