IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කතානායකගේ දෝෂාභියෝගය වළක්වන්න හමුදාව යොදවයි

විපක්ෂය කතානායකවරයාට එරෙහිව දෝෂාභිගයක් ගෙන ඒමට ගත් උත්සහාය වළක්වාලමින් හමුදාව යොදවා  මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසීම නවතා දැමීමට මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් අද (24) කටයුතු කළේය. 

නිරන්තර දේශපාල අර්බුදවලින් සමන්විත සංචාරක පරාදීසයක් වන මාලදිවයිනේ ඇති වූ අලුත්ම අර්බුදය මෙයයි. අද (24) දිනයේදී මාලදිවයිනේ කතානායක අබ්දුල්ලා මෂීෂ්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට නියමිතව තිබිණි. කෙසේ නමුත් හමුදාව යොදවා පාර්ලිමේන්තුවට පිවිසීම නතර කර දැමීමට කටයුතු කර තිබූ බව එරට ‘ඩිමොක්‍රටික්’ පක්ෂය සඳහන් කළේය. 

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් බාධකවලින් පැන පැමිණි බවත් ඔවුන් ඉවත් කිරීම සඳහා හමුදාව ගම්මිරිස් යොදන ලද දියර භාවිත කළ බවත් එම පක්ෂයේ ප්‍රකාශක හමීඞ් අබ්දුල් ගාෆූර් පැවැසීය.

“සඳුඳා දිනයේදී අප පාර්ලිමේන්තුවට යනවිට හමුදාව එය අවහිර කර තිබුණා. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසීමට හැකියාවක් තිබුණේ නැහැ. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසීම බලයා යොදවා නවතා දැමුවා” යැයි මාලදිවයිනේ විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

මාලදිවයින් රජය මේ සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් නිකුත් කර නොතිබිණි.  

මාලදිවයිනේ විපක්ෂය මේ මසදී කතානායකවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ආණ්ඩුවේ ඇතැම් කොටස්වල සහාය දිනාගැනීමට ද සමත්විය. ඒ ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවේ පාලනයට සියතට ගැනීමේ අරමුණිනි. 

ආණ්ඩුව සෑම අවස්ථාවකදීම විපක්ෂයේ ක්‍රියාමාර්ගවලට බාධා එල්ල කරන ලදි.  පසුගිය සතියේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද අත්අඩංගුවට පත්වූ අතර විශ්වාසභංගයට අවශ්‍ය අත්සන් ප්‍රමාණය අඩු කිරීම ආණ්ඩුව අවශ්‍යතාව විය.  කතානායකවරයාට එරෙහිව පළමුවරට පසුගිය මාර්තු මාසයේදී දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ අතර එම අවස්ථාවේදී හමුදාව යොදවා විපක්ෂ මන්ත්‍රීවරුන් බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවෙන් ඉවතට දැමීමට යමීන් ජනාධිපතිවරයා කටයුතු කළේය. 

මාලදිවයිනේ දේශපාලන අර්බුදකාරී තත්ත්වය ජාත්‍යන්තරයේ අවධානයට ද යොමු වී තිබෙන අතර කඩිනමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය මාලදිවයිනට අවධාරණය කර තිබේ. 

බලයෙන් පහ කළ හිටපු ජනාධිපති මොහමඞ් නෂීඞ් විපක්ෂ සන්ධානයට නායකත්වය ලබාදෙයි. නෂීඞ් ලබන වසරේ පැවැත්වෙන පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අතර එසේ නමුත් ඔහු දැවැන්ත අභියෝගයක් තිබේ.  විපක්ෂයේ ප්‍රධාන නායකයෝ බොහෝමයක් අත්අඩංගුවට හෝ දීර්ඝකාලීනව සිරභාරයට පත්වීමෙන් වැළැකීම සඳහා හෝ රටින් පිටවී සිටිති. 

මේ අර්බුදකාරී තත්ත්වය නිසා මාලදිවයිනේ සංචාරක කර්මාන්තයට ද දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.  මොහොමඞ් නෂීඞ් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ පළමු ජනාධිපතිවරයායි. ඔහු 2013 වසර දක්වා ජනාධිපතිධුරය හෙබ වූ අතර එම වසරේ පැවැති මතභේදාත්මක ජනාධිපතිවරණයෙන් අබ්දුල්ලා යමීන් ජයග්‍රහණය කළේය. 

ත්‍රස්තවාදයට සහාය දැක්වූ බව සඳහන් කරමින් මොහොමඞ් නෂීඞ් ට 2015 වසරේදී වසර 13ක සිර දඬුවමක් නියම විය. එම සිරදඬුවම දේශපාලනික පළිගැනීමක් යැයි ද පැවැසිණි. ඔහු දැනට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණය සහිතව ජීවත්වෙයි.  

 (ඒ.එෆ්.පී-055 )



අදහස් (3)

කතානායකගේ දෝෂාභියෝගය වළක්වන්න හමුදාව යොදවයි

upali Tuesday, 25 July 2017 02:18 AM

මෙය එතමත් තඩි ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියාවක් එකහෙළ ප්‍රතික්ෂේප කල ට්යුතුය..

:       1       1

ධම්ම Tuesday, 25 July 2017 02:43 AM

මාලදිවයින ලංකාවට වඩා දියුණුයි වගේ.

:       1       0

sam Tuesday, 25 July 2017 07:09 AM

ලංකාවෙත් ඔහොම කාලයක් තිබුණා නේද ???

:       37       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 337 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site