සනත් ගමගේ
අම්බලන්තොට ආපනශාලාවක කොත්තුවක ගෙම්බෙක් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආපනාශාලා හිමිකාරිනිය අත්අඩංගුවට ගෙන (25) හම්බන්තොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය යූ.පී මාලක මහතාගේ උපදෙස් මත, අම්බලන්තොට කොට්ඨාස මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ජී නිශාන්ත මහතා සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
වැඩිදුර විභාගය අගෝස්තු 30 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු දාන්න ඇත්තේ චිකන් කොත්තුවේ ගාණටම ගෙඹි කොත්තුවත් විකුණු නිසා වෙන්න ඇති!
ඔව් ගෙම්බගේ හෝටලේනෙ ඉතින්...
ඕවා මොනාද? වඩේ වල ඉස්සොත් ඉන්නේ...