ඉන්දිකා රාමනායක
රුපියල් කෝටි 125 ට අධික වටිනා මත්කුඩු සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගියදා දෙහිවල කළුබෝවිල දී අත්අඩංගුවට ගත් මොහොමඩ් මාහීර් නැමැත්තාගේ ජංගම දුරකතනයේ බන්ධනාගාර නිලධාරීන් 8 දෙනකුගේ දුරකතන අංක ඇතුළත් කර තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
කෝටි 125 ට අධික වටිනා මෙම මත්කුඩු තොගය මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන දැනට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විදින ධර්මරාසා සුසේන්ද්‍රන් හෙවත් සුසෙයි නැමැත්තාට අයත් බවත් ඔහුගේ උපදෙස් මත මේවා ජාවාරම් කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඉකුත් 7 වැනි දින කළු බෝවිල දී මෙහොමඩ් මාහීර් නැමැත්තා සහ ඔහුගේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුගේ ජංගම දුරකතනය පරික්ෂා කිරීමේ දී එහි තිබී ඉහත බන්ධනාගාර නිලධාරීන් 8 දෙනාගේ අංක එහි ඇතුළත් කර තිබු බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම සැකකරු සමඟ ඉහත බන්ධනාගාර නිලධාරීන් අට දෙනා ලබාගත් ඇමැතුම් සම්බන්ධයෙන් සහ ඔවුන් මෙම ජාවාරම්කරුවන් අතර ඇති සම්බන්ධය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
COMMENTS
අපි ඕවා බොහොම කල් ඉඳලම කීවා. ඕවා දැනගන්න පස්චාත් උපාධි ඕනේ නැත සාමාන්‍ය දැනීම හොඳටෝම ඇති.
මේ කට්ටියත් තමා ඉස්සරවෙලාම එල්ලන්න වෙන්නේ.
මරණ දඬුවම ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා මානවහිමිකම් කතාකරන අයට තවත් මාතෘකාවක්
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන්නද ඒ අමාරුව කියලා කියනවනේ. ඒ වගේ තමයි මේකත් දේශපාලකයොයි රාජ්‍ය නිළධාරිනුයි තමයි අද මත් ද්‍රව්‍යකාරයන් සමග කරට අත දාගෙන ඉන්නේ. මේ තුන් ගොල්ල එකතුවෙලා මේ රට හා රටේ තරුණ පරපුර වීනාශ මුඛයට ඇදලා දානවා.
එල්ලන්න ඕන මේ වගේ නිලදාරීන්
බන්ධනාගාර ජේලර් නිලධාරීන් හා ඔවුන්ගේ පවුල් යැපෙන්නේ රජයේ දීමනා වලට වඩා මත්කුඩු මුදලාලිගේ හා පාතාල නායකයන්ගේ දීමනා වලින් කිව්වොත් එය නිවැරදියි.. බන්ධනාගාරයේ මෙන්ම අනෙකුත් ආයතන තුල අක්‍රමිකතා අතීතයේ සිට සිදුවුනාට ඒවා රටට හෙළිවීම අවුරලයි තිබුනේ. පවතින අක්‍රමිකතා මෙහෙම හරි එළියට එන්නේ නවතම මීඩියා සංස්කෘතියක් රටේ ව්‍යාප්ත වී ඇති නිසාවෙනි.
කෝටි 125 ක්! ඒත් කවුරුවත් හිතන්න එපා මේ සිද්ධියෙන් කුඩු මහ මොළකාරයෝ ගැන එහෙම තොරතුරු එලියට එයි කියල. ඒවා ඔය හිරේ ඉන්න මිනිහ පිටින්ම යනවා. ඒ හින්ද සුබවාදී බලාපොරොත්තු තියා නොගෙන ඉන්න එක අපේ හිතට හොඳයි.
අපරාදේ කියන්න බැහැ මෙතැනදී නම් " එක මවකගේ දරු කළ ලෙසිනා " කියල ඉතාම ජාත්‍යාලයෙන් මේ තුන් ජාතියම සහජීවනයෙන් කටයුතු කරලා. ලෝකෙන් උතුම් රටේ.
සමහරවිට මෙයා කොහේ හරි පූජනික ස්ථානයක හෝ සංවිධානයක සාමාජිකයක් වෙන්න පුළුවන්. මෙවැනි අය අද කරන්නේ, තමන් අවංකයි, තමාගේ ධනය පිරිසිදු බව පෙන්නන්න මෙහම කරනවා.