(මනෝප‍්‍රිය ගුණසේකර)
කුඩු ජාවාරම මේ වන විට ලංකාවට පමණක් නොව ලෝකයටම ව්‍යසනයක් වී ඇති තත්වයක් තුළ කුඩු ජාවාරම්කරුවන්ට ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමට උසාවියට හැකියාවක් නොමැති බව සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා මරදාන ප‍්‍රදේශයේ හෙරොයින් බෙදා හරිනු ලැබු කුඩු ජාවාරම් කරුවකුට මරණීය දඬුවම් නියම කළේය.
මිනී මැරුමක් සිදුවු විට ඉන් අගතියට පත් වන්නේ එක් පුද්ගලයකු වුවත් කුඩු ජාවාරම්කරුවකු නිසා මුළු සමාජයක්ම, ජන කොට්ඨාශයක්ම විනාශ වන හෙයින් අනෙකුත් කුඩු ජාවාරම්කරුවන්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ නයනා සෙනෙවිරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් කුඩු ජාවාරම් කරුවකුට එලෙස මරණීය දඬුවම් නියම කෙරිණි.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මරදාන ප‍්‍රදේශයේ පදිංචිකරවකු වන 40 හැවරිදි දෙරු පියෙකු වන ශන්මුගම් ඉලංගකොන් නමැත්තාටය.
2014 දෙසැම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මරදාන ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 29.43 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්දව්‍ය නාශක කාර්යංශයේ උප පොලිස් පරීක්‍ෂක උදාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මරදාන ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇතැයි හෙළිවිය.
මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් පොලිස් මත්දව්‍ය නාශක කාර්යංශයේ උප පොලිස් පරීක්‍ෂක උදාර මහතා ඇතුළු නිලධාරීන් ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මරදාන ජයන්ත වීරසේකර මාවතේදී වාහන වලට මුවා වෙමින් විත්තිකරු ආසන්නයටම ගොස් ඔහු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී හෙරොයින් ග්‍රෑම් 105 ක් අඩංගු පාර්සලයක් සොයාගත බවත් පැවසුහ.
පොලිස් මත්දව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබු හෙරොයින් ග්‍රෑම් 105ක් අඩංගු පාර්සලය පරීක්‍ෂාවට ලක් කළ රජයේ රස පරීක්‍ෂවරයා එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 24.43 ක් ඇති බව තහවුරු කොට ඇති අතර මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි විනිසුරුවරයා තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ්‍යඨ නීතීඥ නයනා සෙනෙවිරත්න මහත්මිය අධිකරණය අමතමින් මිනී මැරුමක් සිදුවු විට ඉන් අගතියට පත් වන්නේ එක් පුද්ගලයකු වුවත් කුඩු ජාවාරම්කරුවකු නිසා මුළු සමාජයක්ම, ජන කොට්ඨාශයක්ම විනාශ වන බවත් පවුල් සංස්ථාවන් මෙන්ම සමාජයද කඩා වැටෙන බවත් පෙන්වා දුන්නාය.
මේ වන කුඩු තොග වශ්‍යයෙන් ලැබෙන තත්වයක් නිර්මාණය වී ඇති බවත් රටතුළ කුඩු වැඩි වීමේ ප‍්‍රවණතාටයක් ඇතැයිද පෙන්වා දුන් රජයේ ජ්‍යෙඨ නීතීඥ නයනා සෙනෙවිරත්න මහත්මිය අනෙකුත් කුඩු ජාවාරම්කරුවන්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට මරණීය දඬුවම නියම කළේය.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුඩු ජාවාරම්කරුවෙක්ට මරණ දඬුවම්
Bamunuarachchi Tuesday, 26 February 2019 02:36 PM
ග්රෑම් 29 ට මරණ දඬුවම. බලමු කිලෝ 100- 200 ගෙනාපු අයට ලැබෙන දඬුවම කොහොමද කියලා.
sam Wednesday, 27 February 2019 02:47 AM
ලංකාවේ මුලින්ම එල්ලුම්ගහට යන අහිංසක කෙනා කව්ද? සුබ අනාගතයක්