IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කඩුවකින් පහර කෑ සිසුවා රෝහලේ

[බන්දු තඹවිට]


පොසොන් පොහෝ දින පා පැදි  වලින් දන්සැල්  වැඳිමට  ගිය 18 හැවිරිදි පාසල් සිසුවෙකුට තවත් සිසුන් දෙදෙනකු එල්ල කළ  කඩුව ප්‍රහාරයකින්   බරපතල තුවාල ලැබු සිසුවා රෝහල්ගත කර ඇතැයි  බව වැලිපැන්න පොලීසිය පවසයි.

මෙසේ කඩු පහරට ලක්වී රෝහල් ගතකර ඇත්තේ පරේගම,පහළවෙල පදිංචි පාසල් සිසුවෙකි.

පොසොන් පොහෝ දින දන්සැල් වැඳීමට තුවාල කරු ඇතුළු තරුණයන් කීප දෙනෙක් පා පැදි වලින් මීගම පාරේ අළුත්ගම දෙසට ගොස් ඇති අතර මීගම ලද්දුව ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු තුවාලකරු සමඟ බහින් බස් වීමක් ඇතිකරගෙන අනතුරුව කුඩයක් තුළ සඟවාගෙන පැමිණි කඩුවක් ගෙන තුවාලකරුගේ ගෙළ පිටුපසට පහරදී ඇත.

ප්‍රදේශවාසීන් සහ මිතුරන් විසින් තුවාලකරු ඉත්තෑපාන දිසා රෝහලට ඇතුළත්කර ඇත.

මෙම කඩු පහරදීම පන්තොට ප්‍රදේශයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු විසින් ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව ඇතිවූ පැරණි ආරවුලක් මත සිදුකර ඇති බවත් ඔවුන් දෙදෙනාම පාසල් සිසුන් වන අතර එක් අයෙක් මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙකු බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහරෝහලට මාරුකර යැවීමට නියමිතව තිබු අතර පහරදීමට සම්බන්ද බවට සැකකරන සිසුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.



අදහස් (5)

කඩුවකින් පහර කෑ සිසුවා රෝහලේ

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 27 June 2018 01:30 PM

පොසොන් පොහෝ දින රෑ සද එළියේ කඩු හරබද කෙරුවේ

:       0       31

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 27 June 2018 01:32 PM

පොසොන් පොහෝ දින රෑ සඳ එළියේ කඩු හරඹද කෙරුවේ...

:       13       35

සනත් Wednesday, 27 June 2018 04:29 PM

ඇටෙන් පොත්තෙන් එලියට එන්න ඉස්සර මඟුල් පිස්සුව ඔලුවට ගැහුවට පස්සේ ඉන්නේ කොහෙද කරන්නේ මොකක්ද කියලා ගැටවර ගැටවරියන්ට තේරෙන්නේ නැහැ. අපිත් ඔය කාලේ පහුකලා නමුත් ලැජ්ජා බය ඇතුව.

:       0       232

BamunuarachchiThursday, 28 June 2018 11:59 PM

ඇටෙන් පොත්තෙන් එලියට එනකොට කරන වැඩ ගැන කිසිම වාදයක් නැත. ඒ නිසා තම අනාගතය, අධ්‍යාපනය අවුල් නොකර ගන්න තරම් බුද්ධියක් නොතිබුනොත් අමාරුවේ

:       0       0

කොඩ්ඩා Thursday, 28 June 2018 02:39 AM

දන්සල් වැදීම යනු කුමක්ද?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site