( ලහිරු හර්ෂණ )
රුපියල් කෝටි 700 ක් වටිනා නිල් දියමන්තියක් ඇතුළු මැණික් ගල් කිහිපයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මාර්තු 06 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.
මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු බව කියන කේ කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නම් එම සැකකරු අද ( 20) ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම සැකකරු පොලිස් නිළධාරියකු ලෙස පෙනීසිටිමින් පන්නිපිටිය ව්‍යාපාරිකයකුගේ නිවසට පැමිණ දියමන්ති ඇතුළු මැණික් ගල් තොගයක් රැගෙන පළා ගොස් ඇතැයි පොලිසිය පැවසීය. එම සිදු වීමෙන් පසු ඊයේ (19) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් වත්තල, හුණුපිටිය, වෙඩිකන්ද ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබ අද අධිකරණයට ඉදිරිපත් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතුවේ වැරදීකින් ඇප ලැබෙයි කියලා....
මේකාගේ තව ගෝලයෝ තුන් දෙනෙක් ඉන්නවා වෙඩිකන්දෙම..මුන් ඒ පැත්තේ අහිංසක මිනිස්සුන්ව බය කරගෙන ඉන්නේ. වනවසලදී පළවෙනි මනුස්ස ඝාතනය කරපු වෙලාවේම මේකට මරණ දඩුවම දුන්නනම් අද වෙඩිකන්දේ මිනිස්සු විතරක් නෙමෙයි, රටේ ජනතාවත් නිදහසේ ඉන්නවා.
ඔය දියමන්ති කොල්ලයට මධුෂ්ලාව, අමල්ලාව ගාවගෙන කියපු කතා එහෙනම් බොරුද?
අපරාධකරුවොන්ව වහගෙන එක්කන් යන්නේ ඒගොල්ලොන් ආපහු එලියට ආවහම පරණ රැකියාවම කරගෙන යන්න පහසු වෙන්නද ?
වැරදි කෙනාවද අල්ල ගත්තේ? කෝටි 700 දියමන්තියේ සහතික කරපු පිටපත තියෙනවද? මෙය තක්සේරු කරන්නේ කවුද මේ? දියමන්තියේ කතාව පිළිගන්න අමාරුයි අරාබියේ පස් ගොඩකින් හමුවෙන්නේ. හොර රහසේ මෙයගේනවා එතකොට. මොන ආයතනයෙන්ද මෙය තක්සේරු කෙරුවේ? කෝටි 700කියලා. අැයි ඒ දවසේ මෙය ප්‍රසිද්ධ? නොවුනේ...
ඇවිල්ලා බේරගන්න කවුරුත් හිටියෙම නැද්ද?
අද කාවද විස්වාශ කරන්න පුළුවන්. අඩුම තරමේ තිබහට වතුර ටිකක් ඉල්ලගෙන ගෙදරට එන එකාවවත් විස්වාශ කරන්න අමාරුයි මේ වෙන අපරාද හැටියට අද කාලේ.
ඇයි මෙයාගේ මුහුණ වහල අරගෙන යන්නේ. ඒ තරමට සුචරිත චරිතයක්ද?