IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


කෝටි 401ක් අවභාවිත කළ ලේකම්ට විවෘත වරෙන්තුවක්

නිමන්ති රණසිංහ
 
ගිං නිල්වලා  ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කළ මුදලින් රුපියල් කෝටි 401 ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියකට අදාළව වාරිමාර්ග හා ජල කළමණාකරන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ. ඩබ්ලිව්. අයිවන් ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට දන්වමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විවෘත වරෙන්තු නිකුත් කර  තිබේ.
 
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර තිබූ මුදලින් සියයට පහක මුදලක් සැකකරු අවභාවිත කර ඇති බවත් මේ වන විට මෙම සැකකරු විමර්ශනවලින් මග හැර ගොස් ඇති බවත් සඳහන් කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය මෙම විවෘත වරෙන්තුව නිකුත් කළාය.
 
එසේම සැකකරු ගේ බැංකු ගිණුම් තුනක් පරීක්ෂා කිරීම සඳහා ද අවසරයක් ලබා දෙන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර ඒ සඳහා ද මහේස්ත‍්‍රාත්වරිය අදාළ මූල්‍ය ආයතන කළමණාකරුවන් වෙත නියෝග නිකුත් කළාය.
 
වාරිමාර්ග හා ජල කළමණාකරණ අමාත්‍යාංශය සිදුකිරීමට නියමිතව තිබූ ගිං නිල්වලා යෝජනා ක‍්‍රමය සඳහා සී ඒ එම් සී ඉන්ජිනියරින් සමාගමේ සභාපතිවරයා වූ ලියේ යැං මහතා සමඟ සැකකරු ඉකුත් 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනිදා ගිවිසුමක් අත්සන් කර එම යෝජනා ක‍්‍රමයට වැය වන මුදලින් සියයට පහක මුදලක් වූ රුපියල් මිලියන 4012ක මුදලක් අවභාවිත කළැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
 
මෙම සිද්ධියට අදාළව සැකකරුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා අවශ්‍යව තිබූණද මේ වන විට සැකකරු මෙරටින් පලා ගොස් නවසීලන්තයේ ජීවත් වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද මෙහිදී මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දෙනු ලැබීය. ඒ අනුව සැකකරුට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීය.
 
සිද්ධියට අදාළ නඩුව යළි ලබන මාර්තු මස 26 වැනිදා කැඳවීමට නියමිතව ඇත.



අදහස් (8)

කෝටි 401ක් අවභාවිත කළ ලේකම්ට විවෘත වරෙන්තුවක්

ranjith Monday, 12 February 2018 04:01 PM

මෙහෙම හොරකම් කරන නිලදාරී ඉන්නවා නම් රටක් ගොඩනගන්නේ කොහොමද මහජන මුදල් කීයක්වත් හොරකම් කරන්න දෙන්න බැරී නීති ගේන්න පාලකයොත් උස්සහ කරන බවක් පෙන්නේ නැ

:       18       242

Simiyon Monday, 12 February 2018 07:31 PM

කොයි කාලේද මේක උනේ.?

:       0       0

pala Tuesday, 13 February 2018 12:26 AM

යහපාලන රජය පහුගිය ඇමතිලාට දඩුවම් කරන්න බය නම් අඩුම තරමෙ මෙ වගේ ඇමතිලාට මුවා වෙලා මහජන මුදල් හොරකම් කල නිලධාරින්ව සාක්ෂි සහිතව උසාවියට ඉදිරිපත් කරලා දියාරු නැති නඩුවක් දමලා නීතියෙ හැටියට උසරිම දඩුවම් දුන්නා නමි රජයට අද වුනු ඉරණම අත් වෙන්නේ නැහැ.

:       0       1

Ranjith Silva Tuesday, 13 February 2018 12:32 AM

අර හෙල්පින් හම්බන්තොට එකත් මේ වගේ නැවත හොයල බලන්නකෝ අනේ. දැන් සුදු වෑන් නැහැනේ.

:       0       0

vishleshaka Tuesday, 13 February 2018 02:52 AM

ඇත්තටම පුදුම සතුටක්. මේ නිව්ස් එක දැකලා පලිගැනීම් කතන්දර එන්නෙ දේශපාලකයන්ගෙ හොරකම් කතා කරන කොටනෙ. නිළධාරීන්ට ඔය කිසි ආරක්ෂාවක් නෑ. නිලධාරිය පිටුපස ඉන්න දේශපාලකයත් නිකම්ම මාට්ටු වෙනවා.

:       0       0

sarath perth Tuesday, 13 February 2018 03:25 AM

පාලකයෝ හොරකම් කරන්නේ නිලධාරීන්ටත් හොරකම් කරන්න ඉඩකඩ සලසාදෙමින් යයි මම සිතමි

:       0       1

chinka Tuesday, 13 February 2018 05:25 AM

මෙය හොරකමක් යයි දැනට නිගමනය කල නොහැකියි. ඕනෑම විශාල කොන්ත්‍රාත් එකක සියයට ගානක් ඇඩ්වාන්ස් එකක් ලෙස දෙන්න නීතිමය ප්‍රතිපාදන හා නියමයක් තියෙනවා. එය රජයේ නියමයක්. කුඩා කොන්ත්‍රාත් වලට එලෙස ගෙවන්නේ නෑ. අද පවා විශාල පාරවල් , පාලම් හදන අයට වැඩේ කරන්න කලින් එසේ ගෙවනවා. එකට කියන්නේ මොබයිලේෂන් ඇඩ්වාන්ස් එක කියල. ඒවා ගෙවන්නේ චෙක් මගින් ගිවිසුම් ගත සමාගමේ බැංකු ගිණුම් වලට. මෙහි වෙලා තියෙන්නේ කොන්ත්‍රාත් කරු නියමිත ලෙස වැඩය නොකිරීම. එයට නිලධාරියාව අල්ලලා වැඩක් නෑ.

:       607       26

සෙනෙවි Tuesday, 13 February 2018 11:09 AM

චින්කා... නමින් මේ ප්‍රතිචාරය දාන්න ඇත්තේ ඔය කියන ලේකම් වරයාම වෙන්න ඇතිනේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site