(උපාලි ආනන්ද)
කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් තිදෙනකුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පවතින නඩුව යළි වව්නියාව මහාධිකරණයට යොමු කරන ලෙස අභියාචනාධිකරණය අනුරධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා නියෝග කළේය.
නාවික හමුදා සෙබලූන් 18 දෙනෙකු සහ යුද හමුදා සෙබලූන් 8 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුනට එරෙහිව ඇති චෝදනාව වේ.
මෙම පෙත්සම ප්‍රිති පද්මන් සූරසේන සහ ශිරාණි ගුණරත්න යන ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීමෙන් පසුව මෙසේ නියෝග කෙරිණි.
මෙම නඩුව වව්නියාව මහාධිකරණයේ සිට අනුරාධපුර අංක දෙක මහාධිකරණයට මාරු කිරීමට විරෝධය පල කරමින් මෙම කොටි විත්තිකරුවන් දෙදෙනා අනුරාධපුර බන්ධනාගාරය තුළ මීට පෙර ආහාර වර්ජනය කරමින් විරෝධතාවයක ද නිරත වූහ.
වාලච්චේන දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් ඒ එම් එම් රියාල් යුද හමුදා මේජර් ඩී කසුන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරික්ෂකවරුන් වන හේමචන්ද්‍ර සහ රවින්ද්‍ර උප පොලිස් පරික්ෂකවරුන් වන ප‍්‍රභාත් සහ සුබේර් සහ කාන්තා පොලිස් පරික්ෂිකා නදීෂා යන මහත්ම මහත්මීන් ඇතුලූ පිරිසක් නඩුවේ සාක්කිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
COMMENTS
හෙට අනිද්දට කියාවි වවුනියාව නෙමේ, යාපනයේ ඕනෙයි කියා.? ආහාර වර්ජනය කලොත් හැමෝටම මේ වගේ දෙයක් කරාවිද? එසේ කලොත් හැමෝම විවිධ ඉල්ලීම් කරයි නේද? මම නීතිය ගැන නම් දන්නේ නැහැ. එත් මට හිතෙනේ "තැලෙන යකඩේ දැක්කහම උඩ පැන පැන තලනවා "කියලයි.
හෙට අනිද්දට කියාවිද දන්නෑ බන්ධනාගාරෙන් පලාගියා කියලා.
උතුරේ කොටි ඉල්ලීම් කරනවා තමන් කියන අධිකරණයේ තමන්ගේ නඩු විබාග කරන්නයි කියමින්. දකුණේ අපරාධ කරුවන් ඉල්ලීම් කරනවා තමන්ගේ නඩු අහවල් විනුසුරු ඉදිරියේ විබාග නොකොරන්නයි, තමන්ව අත්අඩංගුවට නොගන්නැයි, තමන්ට එරහිව තියන පරීක්ෂනවල් අත් හිටුවන්නයි කියමින්. බලනකොට දෙගොල්ලම එකයි. වෙනසක් නැහැ.