(රොමේෂ් මධුෂංඛ)
යුද සමයේදී කොටි සංවිධානය වලදැමූ බවට සැකකෙරෙන රත්‍තරන් තොගයක් සොයා කිලිනොච්චිය අරවියල් නගරයේ කැනීමක් ඊයේ (11) සවස සිට ආරම්භ කළ බව කිලිනොච්චිය පොලීසිය කියයි.
කිලිනොච්චිය පොලීසිය විසින් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව අරවියල් නගර් ප්‍රදේශයේ කැලෑවක මෙම කැනීම සිදු කැරිණි.
පැය තුනකට අධික කාලයක් පස් කපන යන්ත්‍රානුසාරයෙන් කැනීම සිදු කළද කිසිවක් හමු නොවීමෙන් කැනීම් කටයුතු නවතා දැමීමට පියවර ගැණූනු අතර අද (12) දිනයේදී එම ස්ථානයේදීම තවත් කැනීමක් සිදු කිරීමට නියමිතය.



COMMENTS
මෝඩ වැඩක් ඕක හාරන්න ඉස්සරවෙලා Scanner යන්ත්‍රයක් ගෙනවිත් පරික්ෂා කලානම් කාලයත් මුදලුත් පරිසරයත් ආරක්ෂා වෙනවා ,
ඕවා හොයන්න දෙයක් නැහැ ඔක්කොම සුද්ද කරල ඉවරයි
බලාගෙන ඉන්න ලැබෙයි රත්තරන්. ඕවා කොළඹට ඇදලා ගොඩක් කල්. මේවා විමර්ශනය කලයුතු අභිරහස්. කෝ අර ගෙනාපු රත්තරන්?