රොමේෂ් මධුෂංඛ
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොටි සංවිධානයට අයත් කොඩියක් සහ බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.
ඔඩ්ඩුසුඩාන් පේරාරු මංසන්ධිය ප්‍රදේශයේ දී මාන්කුලම් පොලීසියට අයත් රථවාහන පොලිස් නිලධාරීන් පිරිසක් මුර සේවයේ යෙදී සිට ඇති අතර එම අවස්ථාවේ දී පැමිණි ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරීමට යාමේදී ත්‍රී රෝද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව රථවාහන පොලිස් නිලධාරීන් විසින් අදාළ ත්‍රී රෝද රථය ලුහුබඳින අවස්ථාවේ දී එහි සිටි එක් අයකු පලා ගොස් ඇති අතර ත්‍රී රෝද රථයේ රියදුරු හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට රථවාහන පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.
පසුව අදාළ ත්‍රී රෝද රථය පරික්ෂා කිරීමේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද නිල යුද ඇඳුමක්, කොටි සංවිධානයේ කොඩියක්, ක්ලේමෝ බෝම්බයක් , අත්බෝම්බ තොගයක් ඇතුළු යුද උපකරණ තොගයක් තිබී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.
කෙසේ නමුත් යුද සමයේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද මෙම යුද උපකරණ නැවත මෙලෙස රැගෙන යාම පිළිබඳව ආරක්ෂක අංශ වල දැඩි අවධානයකට යොමුව ඇති අතරම ත්‍රී රෝද රථයේ සිට පලා ගිය සැකකරු ද අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ සිටින සියලුම පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව අද (22) අලුයම සිට පුළුල් සෝදිසි මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර තිබේ.



COMMENTS
කව්රුවත් නිකන් බොරුවට කලබල වෙන්න ඕන නැහැ මේ ය මේ අයගේ ළමයින්ට කොටි කියල කට්ට්ටියක් හිටිය එයාල මේවා තමයි පාවිච්චි කලේ කියල පෙන්නන්න ගෙනියන්න ඇති නැතුව මේ සන්හින්දියව කලේ කොයින්ද අනේ කොටි !
නාට්‍යයක් පෙන්වන්න වෙන්න ඇති අනේ...
ජාතික ආරක්ෂාව සුරකින බව කියන අයට දැන්වත් ඇස් ඇරෙයි කියලා හිතනවා. අසූගණන් වලත් මේ විදියට හෙමිහිට තමයි පටන් ගත්තේ..
ඔය කොහේ හරි කෞතුකාගාරයකට අරන් යන අහිංසක කොටියෙක් වෙන්න අැති...
මෙයලාටද රාජිතයි, ස්වාමිනාදනුයි වන්දි දෙන්නයි කිව්වේ?
මේ වගේ මෘග, අධම, දුෂ්ඨ රැලකටද වන්දි ගෙවන්න, ආධාර දෙන්න අපේ පාලකයෝ වලිකන්නේ?
මං හිතන්නෙත් මේක වැරදි වැටහීමක් කියලයි... ඒ ළමයි ඉස්කෝලෙ ප්‍රොජෙක්ට් එකකට ගෙනිච්ච බඩු වගයක් අහුවෙලා.. ඒ ළමයි හරිම සංහිඳියාවෙන් ජීවත් වෙන්නේ... ලඟදි ගමකට පැන්න දිවියෙක්වත් ඔලුව අත ගගා කකුල් අතගගා කරවල් උඩ තියාගෙන ආදරෙන් ගෙනියනව දැක්කේ... ඒකට අපේ අය ..කරොත් කරන්නේ නොසණ්ඩාල වැඩතමයි...
ඊළාම් සංකල්පය ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ ආකල්ප වල සැලකිය යුතු වෙනසක් සිදු කිරීමට සමත් වෙලා තියෙනවා. එම තත්ත්වය හුදෙක් 'සංහිඳියාව' කියන වචනෙන් සමනය කරන්න බෑ. ඊට එහා ගිය ප්‍රායෝගික වැඩ පිළිවෙලක් වගේම, අවංකව ඊට කැප වුන පිරිසකගේ මැදිහත්වීම අවශ්‍යයි.
මේ මහත්වරුන්ට මොකුත් කියන්න එපා. රාජිතට තරහ යයි. උන්නාන්සේගේ දරුවොනේ...
නියපොත්තෙන් කඩා දැමිය හැකි දෙයක් මහගසක් වෙනකම් බලා ඉන්න එපා. අළු යට ගිනි...