( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
දිවුලපිටිය බස් නැවතුම්පොළ අසළ දී කෝටි එකහමාරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 496 පොලිස් භාරයට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 22 සහ 42 අතර පසුවන කිඹුලාපිටිය හා මිනුවන්ගොඩ පදිංචි කරුවන්ය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ කුඩුකාරයින්ව දැක්ක දුටු තැන නීතියට හසුකරලා දෙනවා .. දෙනවාමයි ..!
පහුගිය කාලෙත් කුඩු නම් දිගට හරහට ඇල්ලුවලු. අල්ලන කුඩුවලට මොනවා වෙනවද දෙයියෝ තමා දන්නේ...? කුඩු කියන්නේ සල්ලි නේ...
කුඩු රජවරුන් සිරගෙවල්වල සිට කුඩු ව්‍යාපාරය මෙහෙයවනවා කියනවා. කුඩු රජවරුන් නීතිවිරෝධී ලෙස පිටරට සැඟවී එම ව්‍යාපාරය ජයටම කරනවා කියනවා. ඇයි මේවාට එරෙහිව ඉන්ටර්පෝල් එක මාර්ගයෙන් ඔවුන් අල්ලන්නට පියවර නොගන්නේ? ඒ විතරක් නොවෙයි කොරෝනාවලට මූවාවී පිටරටවල සිරගෙවල්වල සිටි විශාල ප්‍රමාණයකුත් ආවා. ඔවුන් කෙලින්ම සිවිල් සමාජයට මුදාහැරීමට ප්‍රථම ඔවුන්ගේ පැටිකිරිය සොයා බැලිය යුතුයි. නොඑසේ නම් පසුව විෂඝෝර සර්පයන් රෙදි අස්සේ දාගෙන කනවෝ ..කනවෝ.. යනුවෙන් මොරදීමෙන් ඵලක් නොවේ.
ඒ වුණාට මේ දෙන්නට මේ කුඩු හම්බ වුනේ කොහෙන්ද කියලා අපේ පොලීසියට කවදාවත් හොයාගන්න බැහැ... ඔට්ටුයි.