IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝටියකට විකුණන්න ගිය වාලම්පුරියක් ත්‍රිකුණාමලයෙන් අල්ලයි

අමදෝරු අමරජීව
 
රුපියල් කෝටියකට අලෙවි කිරිමට සුදානම් කර තිබූ  වාමාවෘත්ත වාලම්පුරියක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු අද (02) දහවල් අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය පොලිසිය කියයි.

 
මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක  දුමින්ද රාජපක්ෂ මහතාට ලද තොරතුරකට අනුව ත්‍රිකුණාමලය ඕර්ස්හීල්  කෙසෙල් තුඩුව පාරේදි  මෙම වැටලිම සිදුකළ අතර  සැකකරුවන් පැමිණි  වැන් රථයද අත්අඩංගුවට  ගැනීමට හැකිවි තිබේ.
 
සැකකරුවන්  අතර   කාන්තාවකද සිටින අතර ඔවුන් කින්නියා මුතුර් හා ත්‍රිකුණාමලයේ පදිංචිකරුවෝ වෙති.
වාලම්පුරියේ දිග අගල් 15ක් වන අතර එය පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ එහි   සිටින බෙල්ලා සජීවිව සිට ඇති අතර පසුව මියගොස් තිබේ. සැකකරුවන් මෙම වාලම්පුරිය රෙජිපෝම් පෙට්ටියක බහා  අයිස් දමා තිබිනැයි පොලිසිය කියයි.
 
මෙය  “ටර්බිනෙල්ලා පයිරම්“  යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන   දුර්ලභ ඝණයේ වාලම්පුරියක්    මෙය පරික්ෂා කළ ධීවර පරික්ෂකයන්ගේ නිගමනය වි තිබේ. 1996 අංක 02 දරණ ධීවර හා ජලජ පනතෙන් මෙවැනි වාලම්පුරි සන්තකයේ තබාගැනිම , ප්‍රවාහනය කිරිම තහනම් බව පොලිසිය පැවසීය.
 
පොලිසිය වැටලිම් සිදුකරන අවස්ථාවේ මෙම වාලම්පුරිය මිලදි ගැනිමට ගැනුම් කරුවන් හයදෙනෙකු  පැමිණ ඇතැයි  කියති.  
 



අදහස් (4)

කෝටියකට විකුණන්න ගිය වාලම්පුරියක් ත්‍රිකුණාමලයෙන් අල්ලයි

sena Thursday, 02 August 2018 02:33 PM

කව්රු හරි දන්නා කෙනෙක් කියනවාද මොකද අපිට මේ බෙලිකටු තියාගන්න හෝ විකුනන්න බැරි කියන එක.

:       2       170

Udaya Friday, 03 August 2018 04:36 AM

පණ තියෙන සතෙක් අයිස්වල දැමීම අනුමත කරන්න බෑ

:       0       50

harimaga Friday, 03 August 2018 05:48 AM

එහෙම විකුණන්න දුන්නොත් පන පිටින් ඉන්න බෙල්ලෝ මරාගෙන ඇවිත් විකුණාවි.....

:       0       164

ඇත්ත සත්‍යපාල Friday, 03 August 2018 06:49 AM

ගිය මාසෙත් මේ වගේ සිදුවීමක් වෙලාවෙත් මම මේක කිව්වා. කවුරුහරි සල්ලි තියන අය මේවා කෝටි ගණන් දීලා ගන්නවානම් කවුරුහරි ඒ සල්ලි ගත්තාවේ. මේවා විශ්වාස කරන අය ළඟ සල්ලි තිබිල වැඩක් නෑ. කකුළුවෝ හිග කාලෙට වැඩි ගානක් දීලා සල්ලි තියන අය ඒවා අරන් කනවනම් ඒකත් වරදක්ද ? මේ බෙල්ලා වදවී යන සතෙක් ලෙස සලකා ඇල්ලීම තහනම් නැත්නම් ධීවරයෙක් මේවා අල්ලලා විකිණීම නිසා අත් අඩංගුවට ගැනීමට එරෙහිව නඩු මගට බැසිය හැකිදැයි සොයා බලන්න.

:       1       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site