IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


කටුනායක ගුවන් තොටුපොළෙන් වල්ලපට්ටා තොගයක් හසුවෙයි

(කටුනායක ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මුම්බායි ඔස්සේ ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයින් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඊයේ (04) දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය .

මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි 60,45,35,සහ 21 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව රේගුව පවසයි .

මොවුන් ඊයේ (04) දින රාත්‍රී 9.35 ට පමණ මුම්බායි බලා පිටත්ව යන 9 ඩබ්ලිව් 252 දරන ජෙට් එයා වේස් ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ඔවුන් රැගෙන ආ ගමන් මලු සගවා ගෙන තිබූ කිලෝ ග්‍රෑම් 116 ක් බර මෙම වල්ලපට්ටා තොගය රේගුව විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .

මෙම අත් අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, රසික සමන්ජිත් සහ ශ්‍රී ලාල් විජේවර්ධන යන මහත්වරුන් විසින් සිදු කර තිබූ අතර, මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජයදේව මහතා විසින් පවත්වා තිබේ.

එහිදී මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කළ අතර, මෙම පුද්ගලයින් සිව් දෙනාට රුපියල් ලක්ෂ 7 බැගින් රුපියල් ලක්ෂ 28 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .



අදහස් (11)

කටුනායක ගුවන් තොටුපොළෙන් වල්ලපට්ටා තොගයක් හසුවෙයි

S.Wijesiri Saturday, 05 August 2017 08:17 AM

මේකට කරන්න තියෙන හොඳම විසඳුම වල්ලපට්ට වාණිජ වශයෙන් වගා කිරීමට කටයුතු කිරීමයි. එවිට විදේශ විනිමය විශාල වශයෙන් ලැබෙන අතර ගෙයක් ගානේ වගා කරනු ඇත. එවිට තුරන් වී යාමද වලකිනු ඇත. මේ පිළිබඳ කැබිනට් තීන්දුවක් ගැණුනද ප්‍රගතියක් නොපෙනේ.

:       0       123

raveendraSaturday, 05 August 2017 12:42 PM

ඔබගේ අදහස ඉතා ප්‍රායෝගික බැවින් බලධාරීන් මේ පිළිබඳව සිත් යොමුකළ යුතුය.

:       0       25

සමන් - ඕමානය Saturday, 05 August 2017 08:21 AM

වටිනාකම රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් නම්, දඩ මුදල ඇයි රුපියල් ලක්ෂ 28 ක්? මුළු වටිනාකමටම හෝ ඊට වැඩි ප්‍රමාණයක් දඩ ගැසිය යුතුයි. නැත්නම් මෙම හොර ජාවාරම් නවත්වන්න බෑ. අහු වුණේ නැත්නම් ලාභය කොපමණද? ඊළඟ පාර ඔය දඩයත් අල්ලන්න එක්කම ලාභ ගනී. රත්තරන් හොරෙන් පන්නන එකත් එහෙමමයි. පාලකයන් නීති ප්‍රතිපාදන සංශෝධනය කර හෝ දඩ මුදල භාණ්ඩයේ වටිනාකමට වඩා සිටින සේ දඩ ගැසිය යුතුයි. හිර දඬුවමකුත් එක්කම....

:       0       55

naradha Saturday, 05 August 2017 11:23 AM

මේ කියන වල්ලපට්ටා අපේ අය තොග වශයෙන් පිට රට යවන්න තැත් කරන්නේ ඒ රටවල මෙයට ඉල්ලුමක් තිබෙන නිසානේ. ඇයි රජයට මේ දෙය නීත්‍යනුකුල ලෙස පිට රට යවන ක්‍රමයක් ගැන මහජනයාව දැනුවත් කරන්නට බැරි? එසේ කොලොත් මෙය වගා කොට කෙනෙකුට අදායමක් ලබා ගත හැකියි. එසේ නොකොට, හැමදාම ගුවන් තොටුපොළෙන් වල්ලපට්ටා තොගයක් අලාගත්තා යයි පුරාජේරු කීමේ අර්ථයක් නැහැ.

:       0       53

Ishan Saturday, 05 August 2017 01:11 PM

නොදන්න නිසා අහන්නේ. ඕවා රාජසන්තක කළා කියන්නේ රටකට වැඩක් වෙනවද? නැතිනම් විනාශ කරනවද? එහෙමත් නැතිනම් ඕවා අල්ලපු කට්ටියම හොර පාරෙන් විකුණනවද? මෙච්චර ආදායමක් තියෙනවා නම් ඇයි මේවා අතෑරලා දාලා තියෙන ඉඩම්වල හිටවන්නනේ නැත්තේ...? ව්කුණන ක්‍රම නීතිගත කරන්නේ නැත්තේ?

:       0       29

chamal Saturday, 05 August 2017 01:21 PM

වල්ලපට්ට ගැන නොදන්නා අය මේක වගා කරමුලු. වල්ලපට්ට හැම ගහකම ඔය වටිනා කියන මදය නැහැ. ගස් 1000න් එකකට වගේ තියෙන්නේ. අනික ඔය දිලීරය හැදෙන්න වසර 20-30ක් හෝ ඊට වැඩි ගණනක් යනවා. වල්ලපට්ට නිකන් ඕකිඩ් මල් වවනවා වගේ කරන්න බැහැ.

:       0       11

S.WijesiriSaturday, 05 August 2017 02:52 PM

වල්ලපට්ටවල ඔය කියන මදය (අගාර්වුඩ්) කෘතිමව හදන්න පුළුවන්. එක නුතන ක්‍රම වගේම පාරම්පරික ක්‍රම වලට කල හැකිය. පාරම්පරික ක්‍රම අග්නිදිග ආසියාවේ භාවිතා වෙනවා. අවුරුදු 20-30 යන්නේ නෑ එතකොට. සාමාන්යෙන් 1000 ට 1 ට වඩා වැඩි අනුපාතයකින් සවභාවිකව වෙන්නේ තෙත් කලාපයයි සුදුසු අගර්වුඩ් හැදෙන ක්‍රියාවලියට. වාතයේ ඇති ආර්ද්‍රතාවය අතිශයින් ප්‍රයෝජනවත්....

:       0       28

ගබන්Saturday, 05 August 2017 05:41 PM

ඒ කියන්නේ මේ අය ගස් 1000 ක් කපල බලලද එක මදයක් අරන් තියෙන්නේ ? වෙච්ච මහන්සියේ හැටියට රාජසන්තක කරලා දඩ ගහන්න නෙමෙයි තව කියක් හරි දෙන්නයි වටින්නේ ..

:       0       39

ධම්ම Saturday, 05 August 2017 04:39 PM

වල්ලාපට්ටා හොරෙන් රට පටවනවා, ගංජා හෙක්ටෙයාර් ගණන් ගිනිබත් කරනවා. පර්යේෂකයෝ තුට්ටු දෙකට රට්ටුන්ට සේවය කරනවා. කුණුකඳුවලට යටවෙලා මිනිසුන් මැරෙනවා. අපේ පාලකයින් මේ රත්තරන් ආකරවලින් වැඩගන්නේ කවදාද.

:       1       37

S.WijesiriSunday, 06 August 2017 09:39 AM

කණගාටුව දේශපාලකයොත් එකයි. පරීක්ෂකයොත් එකයි. රජයේ සේවකයොත් එකයි. ගතවූ වසර 30-40 හොඳටම නරක් වෙලා. වල්ලපට්ට ගැන, ආයෝජනයක් වශයෙන් කොහොමද කළ හැක්කේ කියලා බලන්න කාටවත් වුවමනාවක් නෑ. මෙච්චර වල්ලපට්ට රට පටවද්දී බලන්න හිතෙන් නෑ මොකද කියලා. මොකද පත්තු බඳින්න ගෙනියනවා නෙවෙයි නේ. අල්ලන එක විතරක් නෙවෙයි හපන්කම කියන්නේ...

:       0       0

Chanak Los angeles Saturday, 05 August 2017 06:41 PM

වල්ලපට්ට නිසාම අවංකව රාජකාරිය ඉෂ්ට වෙලා වගේ??

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site