හර්ෂණ තුෂාර සිල්වා සහ නිමල කොඩිතුවක්කු
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණික තත්ත්වය නිසා මත්තල ගුවන් තොටුපොල වෙත යොමු කළ බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
බැංගලෝර් සිට පැමිණි 127 ගුවන් යානය සහ චෙන්නායි සිට පැමිණි 124 ගුවන් යානය එලෙස මත්තල ගුවන්තොටුපොළට යොමු කළ බව එම ආරංචි පවසයි.
ශ්‍රී ලංකන් එයාලයින්ස් සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසුවේ මත්තලට ගොඩබෑ ගුවන්යානා දෙක යළි කටුනායක බලා පැමිණෙන බවයි.
COMMENTS
මෝඩ හරක් වී ගබඩාවක් කරන්න හදපු එක අායේමත් ඕන උන නේද??????????
කවුද කවුද අපේ වී ගබඩාවේ ප්ලේන් බාන්නේ?
ඔබට දැන් සතුටුද ?
අපෝ මේවා සාමාන්‍ය ගුවන් තොටුපොළකට පැමිණි සාමාන්‍ය ගුවන් යානා දෙකක් නොවෙයි නේ. මත්තලට "හලෝ" කියල ආපහු කටුනායකට යාම සඳහා චුට්ටකට බස්සපු දෙකක් නේ ! මෙච්චර කාලයක් මත්තල හුලන් තොටුපොළේ නිද්‍රා සුවයෙන් හිටපු සේවකයන්ට ඊයේ, 2017 වසරේ වැඩ රාජකාරි බහුලම දිනය වෙන්න ඇති, අයහපත් කාලගුණික තත්ත්වයට පින් සිද්ද වෙන්න.....
ඇති යන්නත් සුලිසුලගක් හරි ඇවිල්ලා ගුවන් යානා මත්තලට එනවා නම්. ලොල්
මේ වගේ වෙලාවට මත්තල හොදයි නේද ..
මහින්ද මහතාගේ දුර දක්නා නුවන. සාමාන්‍යයෙන් කොලඔට වහිනකොට මත්තලට වහින්නේ නෑ.
වී ගබඩාවෙන් වැඩක් වෙලා
වෙන්න බෑ කොහොම වී ගබඩාවකට ගොඩ බස්සන්නද. මටනම් හිතෙන්නේ කණපිට පෙරලෙන කලක් ඇවිල්ල වගේ .
මහින්ද මහත්තයා මත්තල හදපු නිසා හොඳයි.. නැත්නම් ඉන්දියාවට තමයි ගොඩ බාන්න වෙන්නේ... කොහොමද මහින්දගේ දූරදර්ශී බව..........
වී ගබඩා කිරීමට සෑදු මත්තල ගුවන් යානා ගොඩබෑම පිළිබද මගේ විරෝධය !
සිරි ලන්කන් එකට තමයි හැමදාම අයහපත් කාලගුණික තත්වය මත මත්තලට යන්න වෙන්නේ. අනෙක් එයාර්ලයින් වලට කාලගුණය අදාලම නැහැ. කොහොමද වෙනස. සැපද?