IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොට්ඨාශ නීති ගත කරන්න වේවී

(වීනිතා ගමගේ)

ඉදිරි මාස හතර ඇතුළත කොට්ඨාශ ක‍්‍රමය සම්මත කර ගත නොහැකි වුවහොත් සීමා නිර්ණ සභාව නම් කර කොට්ඨාශ නීති ගත කිරීම අවසන් කළ යුතු යැයි ජනමාධ්‍ය හා මුදල් නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා ප‍්‍රකාශ කරයි.  

සීමා නිරණ කොමිෂන් සභාව විසින් සමස්ත පළාත් සභා සදහා ඇති කොට්ඨාශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නට බැරි වුව හොත් මෙසේ කොට්ඨාශ නීති ගත  කරන්නට වන බව ද අලගියවන්න මහතා කීයයි.

අදාල කමිටුව කතානායකවරයා විසින් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙරට සියලූම පක්ෂ නියෝජනය වන අයුරින් පත් කළ යුතු අතර එමගින් සීමා නිර්ණ සභාව නම් කර කොට්ඨාශ නීති ගත කිරීම අවසන් කළ යුතු යැයි ද හෙතෙම පවසයි.

පළාත් සභා මැතිවරණ කෙටුම් පත කියවා අවසන් බවත් අද පනත් තුනක් ඉදිරිපත් කරන බවත් කී නියෝජ්‍ය අමාත්‍යවරයා සම්මත නව ක‍්‍රමය අනුව කොට්ටාශ 5092 ක් සදහා මන්ත‍්‍රීවරු 8443 ක්ද පත්වන බවත් කීයයි.

මේ ක‍්‍රමය අනුව කාන්තා නියෝජනය සියයට 25ක් වනු ඇති බවත්  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය  පුළුල්  සන්ධානයකින් ඉදිරිපත් වී තරඟ කරන බවත්  තරුණ මහජන නියෝජිතයින් රැසක් දේශපාලන ප‍්‍රවාහයට ඉදිරියේදි එකතුවනු ඇති බවත් ඒ මහතා පවසයි.



අදහස් (0)

කොට්ඨාශ නීති ගත කරන්න වේවී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site