( මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි)
කොට්ටාව හොරණ පාරේ පිහිටි ව්‍යාපාරික සංවර්ධන සමුපකාර සමිතියට අයත් කොට්ටාව ශාඛාවට අද (19) දින දහවල් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු එහි සිටි සේවිකාවන්ට ගිනි අවියක් පෙන්වා බියකර රුපියල් හැත්තෑදහසක මුදලක් පැහැරගෙන පලා ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි
යතුරුපැදියකින් පැමින ඇති කොල්ලකරු සාමාන්‍ය හිස් ආවරණයක් පැළඳ සිට ඇති අතර එම අවස්තාවේදී අදාල ශාඛාවෙහි සේවයෙහි නියතුව සිටි සේවිකාවන් සිව් දෙනාට කුඩා පිස්තෝලයක් වැනි ගිනි අවියක් පෙන්වා ‘‘කලබල වෙන්න එපා මම කරදර කරන්නේ නැහැ තියෙන මුදල් ටික දෙන්න ’‘ යැයි පවසා ඇති බවත් බවත් පසුව එහි අයකැමිවරිය විසින් එම අවස්තාවේදී තිබූ රුපියල් හැත්තෑදහසක මුදල කොල්ලකරු ට ලබා දී ඇති ඇති බවත් පසුව කොල්ලකරු පැලැන්වත්ත දෙසට පලා ගොස් ඇති බවත් සිදු කළ මූලික විමර්ශණවලදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.
අදාල මුදල් මංකොල්ලය එම ශාඛාවෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇති අතර එම දර්ශණ සහ කොල්ලකරු පලා ගිය මාර්ගයේ පිහිටි ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කොල්ලකරු අත් අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවද කොට්ටාව පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය
2025 දෙසැම්බර් මස 30
26
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොට්ටාව ව්‍යාපාරික සංවර්ධන සමුපකාර ශාඛාවේ මුදල් කොල්ලකාලා
යුක්තිය Tuesday, 19 June 2018 11:08 AM
මහ බැංකුව කොල්ල කෑව අයට මෙන් ටයි කෝට් දමාගෙන වැදගත් අයුරින් සැලකීම මෙම ආණ්ඩුවේ වගකීමයි.. හැම හොරෙක්මට හොරකම් කිරීමට සාධාරණය අයිතියක් තිබිය යුතුය